Empty Ad
AFC Banner
Empty Ad

තරගයක් අතර තුර රචින් රවීන්ද්‍රට බරපතළ අනතුරක් – අනතුර ගැන පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයට චෝදනා (වීඩියෝ)

නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩක රචින් රවීන්ද්‍ර තරගයක් අතර තුර දී ඊයේ (08) බරපතළ අනතුරකට මුහුණ පෑවා.

නවසීලන්තය, පකිස්ථානය සහ දකුණු අප්‍රිකාව අතර ඊයේ ආරම්භ වූ තුන්කොන් එක්දින තරගාවලියේ පළමු තරග අතර තුර පන්දුවක් නළලේ වැදීමෙන් මෙම ඔහු මෙම අනතුරට ලක් වුණා.

ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේ දී පැවති පකිස්ථානයට එරෙහිව තරගයේ දී පන්දු රකිමින් සිටිය දී ඔහු මෙම අනතුරට මුහුණ පෑ අතර, අනතුරුව ඔහු රෝහල් ගත කිරීමටයි කටයුතු කළේ.

දඟ පන්දු යවන ක්‍රීඩක මයිකල් බ්‍රේස්වෙල් විසින් යවන ලද පාකිස්ථාන ඉනිමේ 38 වන ඕවරයේ තුන්වන පන්දුවේ දී කුෂ්ඩිල් ෂා එල්ල කළ ස්ලොග්-ස්වීප් පහරක් ඩීප් ස්ක්වෙයාර් ලෙග් කලාපයේ පන්දු රකිමින් සිටි රචින් රවීන්ද්‍ර විසින් උඩ පන්දුවක් ලෙස රැකගැනීමට යාමේ දී පන්දුව කෙලින්ම ඔහුගේ නළලේ වදිනවා.

එම අවස්ථාවේ දී ඔහුගේ මුහුණෙන් බරපතළ ලේ ගැනීමක් සිදුවන අතර, ඔහුව වහාම පිටියෙන් ඉවත්කරගෙන මූලික ප්‍රතිකාර ලබාදීමටයි වෛද්‍යවරුන් කටයුතු කළේ.

පන්දුවේ ගමන් පථය වැරදි ලෙස විනිශ්චය කරගැනීමට රචින් රවීන්ද්‍රට නොහැකිව ඔහු මෙම අනතුරට මුහුණපාන අතර, ගඩාෆි ක්‍රීඩාංගණයේ දුර්වල ආලෝකකරණය ඊට හේතු වූ බවයි බොහෝ පිරිස් චෝදනා කරන්නේ.

චැම්පියන්ස් කුසලානය වැනි ICC තරගාවලියක් පාකිස්ථානයේ පැවැත්වීම සූදානම්වන අවස්ථාවක පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයට ක්‍රීඩාංගණයේ ආලෝක පද්ධතිය නිසි ප්‍රමිතීන්ට අනුව සකසා ගැනීම නොහැකි වී ඇති බවයි ඇතැම් පාර්ශ්ව චෝදනා කර සිටියේ.

මේ අතර තුවල ලැබූ රචින් රවීන්ද්‍රගේ තත්ත්වය මේ වනවිට බාරපතළ නොවන බවයි පාකිස්ථානයෙන් වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රශ්නය මම නම් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා - රනිල් තිස්සට රහසින් කියයි
08:29
Video thumbnail
තිස්ස අත්තනායක සජබයෙන් නෙරපයි ?සුජීව එක්ක තියෙන හුටපටේ ඇවිලෙයි
16:53
Video thumbnail
සජිත් අගමැති කරන්න මුළු පාර්ලිමේන්තුවම කැමතියි - කතානායකට ලිපියකුත් දෙයි
16:24
Video thumbnail
බංකොලොත් රට හැදෙන්න දශකයක් යනවා - ජනපති ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
28:02
Video thumbnail
PRAHARAYA | සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:27:18
Video thumbnail
අනුර ජනාධිපති වුණු මාස්ටර් ප්ලෑන් එක - රනිල් ඉල්ලුවේ නැත්නම් සජිත් ජනාධිපති
06:43
Video thumbnail
රනිල් වික්‍රමසිංහ තිස්සට ආදරෙයි - ඒක වරදවා වටහා ගන්න එපා
06:33
Video thumbnail
තිස්ස යන යන පැත්ත පරාදයි නේද ?
00:53
Video thumbnail
තිස්ස යන යන පැත්ත පරාදයි නේද ? ඔය කතා කියන්නේ මානසික රෝගීන්
08:40
Video thumbnail
සීගිරි ගලත් හෙට අනිද්දා මුං ටික විකුණනවා ෂුවර් - එක පෑන් පාරෙන් කරනවනම් මෙන්න වැඩ
14:52

?