ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ නව ප්‍රධාන අමාත්‍යවරයා ලෙස දෙමළ සිනමා නළු ජෝසප් විජේ මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දෙනු ලැබුවා.
ඒ, තමිල්නාඩු ප්‍රාන්තයේ ආණ්ඩුකාර රාජේන්ද්‍ර විශ්වනාත් ආර්ලේකර් ඉදිරියේදී යි.
තමිල්නාඩු නව ප්‍රධාන අමාත්‍යවරයාගේ දිවුරුම්දීමේ උත්සවය තමිල්නාඩු හි නේරු ගෘහස්ථ ක්‍රීඩාංගණයයේ දී පැවැත්වෙනවා.
ප්‍රධාන අමාත්‍යවරයා ලෙස ජෝසප් විජේ දිවුරුම්දීමෙන් අනතුරුව ඔහුගේ අමාත්‍ය මණ්ඩලය මේ වන්විය දිවුරුම් දීම සිදුකරනු ලබනවා.













