තමාගේම දෛවයට අභියෝග කල ගම්පහ පුරවරයේ ළාබාලතම අන්තර්ජාල ව්‍යවසායකයාගේ කතාව

කම්මැලි වුණාම සමහරු කියන උදාන වාක්‍යය තමයි අලුතින් හිතන්න , මහන්සි වෙන්න , උත්සාහ කරන්න කියන දේ.. තවත් අය ජීවිතය දෛවයට නැත්නම් කර්මයට භාර දෙනව. හැබැයි ජීවිතය ,වාසනාව , දෛවය , කර්මය මේ තියෙන්නේ තමා තුළමයි කියල විශ්වාස කරන උත්සහවන්ත ධෛර්යවන්ත අතිදක්ෂ මිනිස්සු ජීවිතේ හීන සියල්ලම ඉතාම වේගයෙන් දිනා ගන්නවා.

ඉතාම කෙටි කාලයක් තුළ විශාල සාර්ථකත්වයක් ළඟා කරගත්ත තරුණයෙක් එක්ක.අද අපි කතා කරන්නේ. ඒ වගේ ඔහුට තවම අවුරුදු 22යි. නමුත් මේ වෙද්දි ඇවිල්ලා තියන දුර නම් කෙටි නෑ..සරලවම කිව්වොත් අන්තර්ජාලය හරහා තමන්ගෙ ව්‍යාපාර කටයුතු සිදු කරන ගම්පහ දිස්ත්‍රික්කයේ සාර්ථකම , ළාබාලතම ව්‍යවසායකයෙක් එක්ක. ඔහු නමින් ‘ මිලින්ත ලක්ශාන් ‘

මිලින්ත, අටුවා ටීකා අවශ්‍ය නෑ. අපි කතාවට බහිමු. ව්‍යාපාරයක් කියන්නේ බන්දේසියක් මත තියලා පහසුවෙන් ලැබෙන දෙයක් නෙවෙයි. මොකද්ද ඔබේ ව්‍යාපාරය ? කොහොමද මිලින්ත මේ ව්‍යාපාරයට යොමු උනේ?
ඔව් ඇත්‍තටම මන් ලොකු කට්ටක් කාලා කෙටි කාලයකින් තැනක් හදගත්ත කෙනෙක්. මම උසස් පෙළට පෙනී හිටියේ මිනුවන්ගොඩ ජනාධිපති විදුහලේ ගණිත අංශයෙන්. විශ්වවිද්‍යාලයට යන්න ලොකු ආසවක් තිබ්බත් ඒ අවස්ථාව ගිලිහි යනව. ඒත් මගේ ආර්ථික අපහසුකම් එක්ක මට පෞද්ගලික විශ්වවිද්‍යාලයකට යන්න මූලික අඩිතාලම සකස් කරලා දෙනව මගේ හිතවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න සහෝදරයා. ඒ අතරෙ මට ඔස්ට්‍රේලියාවට යන්න අවස්තාවක් ලැබෙනව. ඒ මගේ ලොකුඅම්මා නිසා. ඇය වෛද්‍යවරියක්. ඒත් සියල්ල සූදානම්ව තියන අතරේ කොරෝනා නිසා මට ඒ අවස්තාවත් අහිමි වෙනව. ඒ කාලයේ දී තමයි මට හිතෙන්නේ මෙතනින් නොනැවතී යමක් පටන් ගන්න ඕන කියල මගේ හැකියාවෙන්. ඒ අනුව තමයි ML Creative Hut Private Limited. ආරම්භ වෙන්නේ.

කිසිසේත්ම පහසු ආරම්භයක් නෙවෙයි නේද ඒ කාලය?
ඇත්තටම ඒක හරිම අපහසු කාලයක්. ලොකු කැපකීරීමක් වගේම මන් ගැන තිබ්බ විශ්වාසය තමයි මට ශක්තියක් උනේ. අතේ රුපියල් 300වගේ පොඩි මුදලක් තිබුණේ සමහර වෙලාවට. කොහොම හෝ මගේම හැකියාවෙන් යමක් පටන් ගන්න අවශ්‍යතාව තදින් දැනුනා. මතක විදියට ගිය අවුරුද්දේ අගෝස්තු වල වගේ මන් රු 1000 මුදලක්ට ඕඩස් භාර අරගෙන කරන්න පටන් ගත්තා. ඇත්තටම මන් ඒ මුදලට වඩා භාරගත්ත වැඩක ගුණාත්මකභාවයට පලමුතැන දුන්නා. අදටත් මන් ඒ ප්‍රමිතිය පවත්වගෙන යනව. මන් හිතන්නේ ඕන්ම දෙයක් සාර්ථකත්වය පවතින්නේ එතනයි.

අද වෙනකොට ඔබ ගම්පහ දිස්ත්‍රික්කයේ ළාබාලතම ව්‍යවසායකයා බවට පත්වෙලා ඉතා කුඩා වයසකින් ඔබ ලබාගන්නේ ලොකු ජයග්‍රහණයක්. ඒ ගැන යමක් සදහන් කරන්නකො.
මං කලිනුත් කිව්ව වගේ මේක ලොකු උත්සහයක ප්‍රතිඵලයක්. දිගින් දිගටම මට ඕඩස් ලැබෙනකොට මං මා යටතේ වැඩ කරන්න පිරිසක් එකතු කරගත්තා. ජනවාරි මාසය වෙනකොට මගේම කම්පැනි එකක් පටන් ගන්න මට හැකි උනා. මේ සියල්ලටම ගියේ මාස 8ක කාලයක් . පොඩි කාලයක් උනත් මන් ඒ කාලය පුරාවටම එකම විදියට ලොකු මහසියක් උනා. මේ වෙනකොට අපි තොරතුරු තාක්ෂණික ක්ශේත්‍රයේ සියලුම සේවාවන් සපයනව. නිර්මාණශීලී ගැෆික් නිර්මාණ වලින් ලංකාවේ අංක එකේ සේවාවක් ලබා දෙන්න අපිට පුලුවන් වෙලා තියෙනව .ඒ විතරක් නෙවෙයි ලංකාවේ ප්‍රමුඛ පෙලේ සමාගම් රැසකට වගේම විදේශ රටවලත් සමාගම් කිහිපයකට අපි අපේ සේවාව සපයනවා. ඇත්තටම මන් ඒක සදහන් කරන්නේ හරිම නිහතමානි සතුටකින්.

ඔබ යටතේ වැඩ කරන සේවක මඩුල්ල ගැන මොනවද කියන්න තියෙන්නේ?
මගේ සේවක මඩුල්ල කියලා කියන්නෙ ඉතාම ආකල්ප වලින් පිරුණු පිරිසක්. ඇත්‍තටම ඒ අය නිසා ව්‍යපාරයට හොඳ වටිනාකමක් ලැබෙනවා

ආපු ගමන දිහා හැරිලා බලනකොට අද ඔබට මොකද හිතෙන්නේ ?
මං අවුරුදු 7ක් කුළී ගෙදර හිටපු කෙනෙක්, අද වෙනකොට ගම්පහ කෝටි 1.5 විතර මගේම ගෙදරක් ඉදිවෙනව, මගේම ව්‍යාපාරයක් තියෙනව ඒව ලබා ගත්තේ අසීමිත කැපකිරීම නිසයි. ඒ ගැන මට හරිම තෘප්තිමත් සතුටක් තියෙන්නේ.

මේ ගමනෙදි ඔබට ශක්තියක් උනේ කවුද?
මගේ සහෝරයා නිසා තමයි අද මන් මෙතන ඉන්නේ. ඔහු තමයි මගේ පසුපස ඉඳන් මට ශක්තියක් උනේ. මගේ පවුලේ අයත් අනිවාර්‍යෙන් මතක් කරන්න ඕන . ඒ වගේම මගේ සේවක මඩුල්ලත් මතක් නොකරම බෑ.
ඒ අය තමයි වැටෙන හැම මොහොතකම මට නැගිටින්න හයියක් උනේ.අවසාන වශයෙන් ව්‍යාපාරයක් ආරම්භ කරන්න, ව්‍යවසායකයෙක් වෙන්න බලාපොරොත්තුවෙන නවකයෙක්ට ඔබට දෙන්න තියෙන පණිවිඩය මොකද්ද?
හැමදේටම කලින් තමන්ගෙ හැකියාව අඳුගන්න ඕන. හැකියාවන් කියන දේවල් පුද්ගලයානුබද්ධයි. තමන්ට තියන හැකියාවන් ගැන හැමෝටම වඩා දන්නෙ තමන් නෙ. ඊලඟ කාරණාව තමයි අලුතින් හිතලා ඒ හැකියාවට අලුත් දේවල් එකතු කරන එක අන්න එතකොට තමයි ඒ හැකියාවට වටිනාකමක් ලැබෙන්නේ.. සමහරුන්ට හොඳ හැකියවන් තියෙනවා ඒත් ඒ හැකියාවන් අපතේ යනවා අලුතින් හිතීම කියන දේ නැති නිසා. හැමවෙලෙම තමන්ගෙ හැකියාව අඳුරගන්න. ඒකට වටිනාකමක් දෙන්න , වෙනස්, අලුත් විදිහට හිතන්න. ජීවිතේට වෙනස් නොවන අරමුණක් හදාගන්න. ඒ අරමුණ වෙනුවෙන් අසීමිතව කැපවෙන්න. එතකොට වරදින්නෙ නෑ..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි බවට සැක යතුරුපැදියක් හමුවෙයි
01:14
Video thumbnail
සමහර ස්ථානවල අදත් ගිගුරුම් සහිත වැසි - එල්නිනෝ ක්‍රමයෙන් වර්ධනය වෙයි ?
05:14
Video thumbnail
අපේ රට දැන් සුරපුරයක්.. අවුරුදු දෙකකින් රට වෙනස් කළ හැටි මෙන්න..
02:36
Video thumbnail
ගෝඨාභයගේ කෙරුවාව මෙන්න ?කොවිඩ් කාලයේ සල්ලි අච්චු ගහලා බෙදුවේ
05:43
Video thumbnail
සමූපකාර සමිතිවල වංචා ගැන මහින්ද හෙළිකරයි - රු.1000 නම් අගට බිංදුවක් දාලා රු.10000 කළා
04:26
Video thumbnail
යන්ත්‍රයකින් හුස්ම ගන්න ලෙඩෙක් අපිට හම්බවුණේ - කකුලෙන් ඇදීමක් නෙවෙයි එකඟතාවක් අවශ්‍යයි
05:43
Video thumbnail
ලක්ෂ ගාණක් ණයවෙලා කරන්න දෙයක් නැතුව ඉන්නේ - වියළි කාලගුණය නිසා සාගිනි වැවත් හිදිලා..
02:17
Video thumbnail
නඩු ඇහෙනකොට දැන් පොඩි පොඩි කණ්ඩායම් කළබලයි - ඇස් පනාපිට දැන් නීතිය ශක්තිමත්වෙලා
06:46
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
01:34
Video thumbnail
නලින්ද වේදිකාවේ ගැම්මට කිව්ව කතාව - ඇමතිලා යනකොට වාහන පෙළපාලි එන්නේ නෑනේ
04:38