spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තමන් නිවැරදි බව ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි

එල්ලවී ඇති චෝදනාවලට නිවැරදිකරු බවට අමෙරිකා හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.

ජාතික ආරක්ෂාවට හානි වන ආකාරයේ සංවේදී ලිපිගොනු වැරදි ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙනුයි ඔහුට එරෙහිව චෝදනා 37ක් ගොණු කර ඇත්තේ.

ඊට අදාළව ඩොනල්ඩ් ට්‍රම්ප් ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මයාමි නුවර ෆෙඩරල් අධිකරණයක් හමුවේ පෙනී සිටියා.

වරද පිළි නොගැනීම හේතුවෙන් හිටපු ජනාධිපතිවරයාට එරෙහිව නඩු විභාගය ආරම්භ කරන දින වකවානු ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

අධිකරණය විසින් ඔහුට කිසිදු ඇපයක් හෝ සංචාරක තහනමක් පනවා නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

ට්‍රම්ප් යනු ෆෙඩරල් අපරාධ චෝදනාවකට ගොදුරු වූ පළමු එක්සත් ජනපද ජනාධිපතිවරයා ලෙසටයි සැලකෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?