තමන්ව අත්අඩංගුවට ගැනීමට එරෙහිව කෙහෙළියගෙන් පෙත්සමක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා කෙහෙළිය රඹුක්වැල්ල විසින් සිය නීතිඥවරු මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

නීතිඥ සනත් විජේවර්ධනගේ මාර්ගයෙන් ගොණුකර තිබෙන එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් වගඋත්තරකරුවන්ගෙන් රුපියල් මිලියන 100ක වන්දියක් අයකර දෙන ලෙසත් පෙත්සම්කරු ඉල්ලා සිටී.

පෙත්සම්කාර රඹුක්වැල්ල කියා සිටින්නේ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා තමන් ඉකුත් පෙබරවාරි මස 02 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි බවයි.

එහිදී ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තමන්ව අත්අඩංගුවට ගෙන යන්න මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කටයුතු කළ බවත් පෙත්සම්කරු සඳහන් කළා.

තමන්ව අත්අඩංගුවට ගෙන පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගත් තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් ඒ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

එමෙන්ම පොදු දේපළ පනත යටතේ තමන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීම වෙනුවෙන් රුපියල් මිලියන 100 ක වන්දියක් අයකර දෙන නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර රඹුක්වැල්ල ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
6
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩුබායි ෆාම් ජුමේරාවල නවතම තත්ත්වය..මුළු නගරයම පාළුවෙලා ගිහින්
01:59
Video thumbnail
මැදපෙරදිග යුද්ධය ගැන රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්
03:12
Video thumbnail
අචින්ති තම්පි භවති - චින්ති තම්පි විනස්සති
01:48
Video thumbnail
රටේ පාලකයෝ මහ සංඝරත්නයට කතා කරන්නේ වනචාරීන් කියලා..සජිත් සැර වෙයි
05:28
Video thumbnail
බැලස්ටික් මිසයිල ප්‍ර#ර ෆාම් ජුමේරා අහසේදී විනාශ කළ අයුරු..යුද ගිනි දැල් ඇවිලෙන මැදපෙරදිග
01:10
Video thumbnail
තිස්සකුට්ටිගෙන් ආණ්ඩුවට උපදෙසක්
04:43
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තුවට..? රනිල් දීපු උත්තරේ
01:52
Video thumbnail
JVP එකෙන් අයින්වෙලා පෙරටුගාමින්ට එකතු වෙන්න..ජවිපේ වාමාංශික නෑ..තියෙන්නේ බොරුවයි..ඉරිසියාවයි
04:26
Video thumbnail
ශම්මිට විරුද්ධව CIDයට පැමිණිල්ලක් - ජනපති ශම්මිට නැමිලා පූස් පැටියෙක් වගේ වෙලා
06:17
Video thumbnail
පිහිණුම් තටාකය වසා දැමීම නිසා පිහිණුම් ක්‍රීඩකයින් අසරණ වෙයි..ළමයින්ට මෙහෙම කරන්න එපා
07:50