spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තමන්ට සිදුවූ අපහසුතාවට විමර්ශන එපා – අජාන් බ්‍රහ්මවංශ හිමිගෙන් විශේෂ ප්‍රකාශයක්

කටුනායක ගුවන් තොටුපළේ දී තමන්ට මුහුණදීමට සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමට අවශ්‍ය නොවන බව ජූජ්‍ය අජාන් බ්‍රහ්මවංශ හිමියන් පවසනවා.

මින් ඉදිරියට එවැනි වැරදි හෝ අතපසුවීමේ සිදුනොවන පසුබිමක් රට තුළ නිර්මාණය කිරීමට ජනාධිපතිවරයා පියවර ගතයුතු බවයි එම හිමියන් පෙන්වා දෙන්නේ.

පසුගියදා ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවති දේශනයක දී උන්වහන්සේ මේ බව සඳහන් කර තිබෙනවා.

ජාත්‍යන්තර පිළිගැනීමට ලක්ව සිටින බ්‍රිතාන්‍ය ජාතික දේශකයාණන් වහන්සේ නමක් වන, පූජ්‍ය අජාන් බ්‍රහ්මවංශ හිමි මෙරටට පැමිණ පිටව යාමේ දී කටුනායක ගුවන් තොටුපළේ දී පැය 12කට ආසන්න කාලයක් රැඳීසිටීමට සිදුවීමෙන් අපහසුතාවයකට පත්ව තිබුණා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් පවත්වා වගකිවයුතු නිලධාරීන්ට දඬුවම් ලබාදෙන ලෙස ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජනාධිපති ලේකම්වරයා විසින් අදාළ බලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
7
+1
5
+1
0
+1
4
+1
4
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?