තමන්ට සිදුවූ අපහසුතාවට විමර්ශන එපා – අජාන් බ්‍රහ්මවංශ හිමිගෙන් විශේෂ ප්‍රකාශයක්

කටුනායක ගුවන් තොටුපළේ දී තමන්ට මුහුණදීමට සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමට අවශ්‍ය නොවන බව ජූජ්‍ය අජාන් බ්‍රහ්මවංශ හිමියන් පවසනවා.

මින් ඉදිරියට එවැනි වැරදි හෝ අතපසුවීමේ සිදුනොවන පසුබිමක් රට තුළ නිර්මාණය කිරීමට ජනාධිපතිවරයා පියවර ගතයුතු බවයි එම හිමියන් පෙන්වා දෙන්නේ.

පසුගියදා ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවති දේශනයක දී උන්වහන්සේ මේ බව සඳහන් කර තිබෙනවා.

ජාත්‍යන්තර පිළිගැනීමට ලක්ව සිටින බ්‍රිතාන්‍ය ජාතික දේශකයාණන් වහන්සේ නමක් වන, පූජ්‍ය අජාන් බ්‍රහ්මවංශ හිමි මෙරටට පැමිණ පිටව යාමේ දී කටුනායක ගුවන් තොටුපළේ දී පැය 12කට ආසන්න කාලයක් රැඳීසිටීමට සිදුවීමෙන් අපහසුතාවයකට පත්ව තිබුණා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් පවත්වා වගකිවයුතු නිලධාරීන්ට දඬුවම් ලබාදෙන ලෙස ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජනාධිපති ලේකම්වරයා විසින් අදාළ බලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14