spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තමන්ගේ පිංතූරය දාලා මුද්දරයක් මුද්‍රණය කර ගන්න දැන් පුළුවන්

මේ වන විට තම ඡායාරූපය සහිත මුද්දරයක් මුද්‍රණය කර භාවිතයට ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලාංකික ජනතාව වෙත පිරිනමා ඇති බව තැපැල්පති රුවන් සත්කුමාර පැවසූවා.

ඒ මෙරට පැරණිතම පුද්ගලික වානිජ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුවේ 135 වැනි සංවත්සරය සැමරුමේ දී මුල්දින කවරයක් එළිදැක්වීම වෙනුවෙන් අද (06) පෙරවරුවේ දී කොළඹ හැටන් නැෂනල් බැංකු මූලස්ථාන පරිශ්‍රයේ පැවති උත්සවයකට එක්වෙමින්.

එහි දී අදහස් දැක්වූ තැපැල්පති රුවන් සත්කුමාර,

“තමන්ගේ පිංතූරය දාලා මුද්දරයක් මුද්‍රණය කර ගන්න පුළුවන්. දැන් අපි අය කරන්නේ රු. 2,000 යි. මුද්දර 20 ක sheet එකක් දෙනවා. තමන්ගේ උපන් දිනයට, තමන්ගේ යාළුවාගේ උපන්දිනයට, තමන්ගේ දුවගේ පුතාගේ විවාහ ඇරයුම්පත යවන්න ඒ දෙන්නාගේ පිංතූරය තියෙන මුද්දරයක් ඇතුව යවන්න පුළුවන්. මේක සාමාන්‍යයෙන් තැපැල් මුද්දරයක් විදියට භාවිත කරන්න පුළුවන්”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
15
+1
0
+1
4
+1
2
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?