තනියම කාන්තාවක් හිටපු ගෙදරට ගොඩවුණු පුද්ගලයෙකුට අත්වුණු ඉරණම..!

අසල්වැසි නිවෙසකට උදව්වක් කිරීමට ගිය මැදිවියේ පුද්ගලයකුට පොලිසියට යාමට සිදුවීමේ පුවතක් පසුගිය දා අසන්නට ලැබුණේ ‘‘ගහකට ගහක් හමුවෙනවා’’ යැයි ප්‍රකට නගරය අසල නිවසකිනි.

ඔහු අසල්වැසි නිවෙසට උදයේම ගියේ ‘‘ඉඟුරු’’ කැබැල්ලක් ඉල්ලා ගැනීමටය. ගෙදර සිටියේ බිරිඳ හා දරුවන් පමණකි. සැමියා වැඩට ගොස්ය.

ඉඟුරු කැබැල්ලක් ගැලවීමට ගිය ඇය ‘‘එන්න ගෙයින් වාඩිවෙන්න’’ කීවේ හිතවත් කමටය. ගෙයි වාඩි වූ ඔහුට බිත්ති ඔර්ලෝසුවේ වේලාව දහය ලෙස පෙනුණත් සැබෑ වෙලාව උදේ නවය වූ බව තම දුරකතනයෙන් දුටු ඔහු ඉඟුරු කැබැල්ල තමාට දෙන ගමන් මේ වෙලාවේ වරද ගැන ඇයට කීවේය.

‘‘ඔව්, අනේ මම කීප දවසක් මහත්තයට කීවත් ඒක හැදුවේ නැහැ.’’‘ ‘‘ඇය කීවෙන් දිරිමත් වූ ඔහු මම හදල දෙන්නම්.’’ කියා අසල වූ ප්ලාස්ටික් පුටුවක් ගෙන එහි නැග බිත්ති ඔර්ලෝසුව ඇල්ලුවා පමණකි. පුටුවක් කඩාගෙන ඔහු බිම වැටුණේ බිත්ති ඔර්ලෝසුව ද බිම වැටී කුඩු කරගෙනය. නිවසේ කාන්තාව ‘‘කමක් නෑ’’ කියා ඔහුට නැගිටීමට උදව් කළත් ගෙදර ආ සැමියා බලවත් කෝපයට පත්ව ඔහුට දුරකථන ඇමතුමක් දුන්නේ අලුත් පුටුවක් හා බිත්ති ඔර්ලෝසුවක් ගෙනත් නුදුන්නොත් පොලිසිය යන බව පවසමිනි.මෙය විහිළුවකැයි ඔහු සිතුවත් මෙය ඇත්තටම කළ ඉල්ලීමක් බව ඒත්තු ගියේ දුරකතන සංවාදය අවසානයේ තර්ජනයක් බවට පත්වීම නිසාය.

තිහගොඩ උපසේන ලියනගම



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට රු.54000ක් ගෙවීම කිසිසේත් සාධාරණ නෑ - මට මිනිස්සු ග#යි අවුලක් නෑ
07:09
Video thumbnail
රවී - චතුරංග CoPF එකේ ගැටෙයි ? මෙහෙම රටක් ගෙනියන්න බෑනේ - බංකොළොත් වුණේ බදු එකතු කරපු නැති හින්දා
22:50
Video thumbnail
පාඩු ලබන සහ අනවශ්‍ය රජයේ ආයතන වසා දැමීම ගැන හර්ෂ කට අරියි - අනවශ්‍ය ආයතන අයින් කරලා දාන්න
09:00
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත්
00:45
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි හැටි
00:59
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ දෙහිවල සැලෝන් එකක් වටලයි
01:23
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත් - කොහොමද ගැම්මට පොටෝ ගහන හැටි
01:08
Video thumbnail
මෙයාලගේ ගජ මිතුරෝ රජයට බදු ගෙවලා නෑ - ජන අරගල ව්‍යාපාරය මහ පාරට බැහැලා දෙවනත් කරයි
07:20
Video thumbnail
බැකෝ සමන්ගේ මව එළොව යැවූ වෙ#ල්ල - වෙ#ක්කරුවන් පැමිණි හැටි - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
01:22
Video thumbnail
ජනපති හමුවූ නීතිඥයින්ට අපිලගේ සාදු දෙසයි - ජනපතිගේ ගැටේට නීතිඥ සංගමය අහුවුණා
04:00