ණය සහන ගැන IMF වෙතින් ශ්‍රී ලංකාවට දැනුම්දීමක්

ණය සහන සම්බන්ධයෙන් ද්වීපාර්ශ්වික ණය හිමියන් ලබාදෙන එකඟතාවයන් මත ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත මූල්‍ය පහසුකම පිළිබඳ තීරණය රඳා පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ශ්‍රී ලංකාවට දැනුම්දී තිබෙනවා.

ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ඩොලර් බිලියන 2.9ක විස්තීරණ මූල්‍ය පහසුකම පිළිබඳව දැනුම්දීමක් සිදුකරමිනුයි මූල්‍ය අරමුදල මේ බව ප්‍රකාශ කර ඇත්තේ.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ශ්‍රී ලංකාවට දන්වා ඇත්තේ ණය සහන සම්බන්ධයෙන් ද්වීපාර්ශ්වික ණය හිමියන් ලබාදෙන එකඟතාවයන් මත ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත මූල්‍ය පහසුකම පිළිබඳ තීරණය රඳා පවතින බවයි.

ඉන්දියාව ලබා දුන් සහතිකය අනුව ශ්‍රී ලංකාවට මූල්‍ය සහතික ලබා දීම සඳහා පැරිස් සමාජය විසින් මෑතකදී කරන ලද ප්‍රකාශය සාදරයෙන් පිළිගන්නා බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

ශ්‍රී ලංකාව මූල්‍ය සහතික ලබා ගැනීම සඳහා නිල ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ අඛණ්ඩව සම්බන්ධ වන අතර දේශීය ප්‍රතිසංස්කරණ ද ඉදිරියට ගෙන යායුතුයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශකයෙකු ප්‍රකාශ කර ඇත්තේ ණය හිමියන්ගෙන් අදාළ එකඟතාවයන් ලැබුණු විගස විස්තීරණ මූල්‍ය පහසුකම පිළිබඳ කාර්යමණ්ඩල එකඟතාවය, අනුමැතිය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි.

ශ්‍රී ලංකා බලධාරීන් ප්‍රමාණවත් සහතික ලබාගෙන ඉතිරි අවශ්‍යතා සපුරාගත් විගස, ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍යව පවතින බාහිර මූල්‍ය පහසුකම් ලබාගත හැකිවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩිදුරටත් පවසා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56