ණය සහන ගැන IMF වෙතින් ශ්‍රී ලංකාවට දැනුම්දීමක්

ණය සහන සම්බන්ධයෙන් ද්වීපාර්ශ්වික ණය හිමියන් ලබාදෙන එකඟතාවයන් මත ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත මූල්‍ය පහසුකම පිළිබඳ තීරණය රඳා පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ශ්‍රී ලංකාවට දැනුම්දී තිබෙනවා.

ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ඩොලර් බිලියන 2.9ක විස්තීරණ මූල්‍ය පහසුකම පිළිබඳව දැනුම්දීමක් සිදුකරමිනුයි මූල්‍ය අරමුදල මේ බව ප්‍රකාශ කර ඇත්තේ.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ශ්‍රී ලංකාවට දන්වා ඇත්තේ ණය සහන සම්බන්ධයෙන් ද්වීපාර්ශ්වික ණය හිමියන් ලබාදෙන එකඟතාවයන් මත ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත මූල්‍ය පහසුකම පිළිබඳ තීරණය රඳා පවතින බවයි.

ඉන්දියාව ලබා දුන් සහතිකය අනුව ශ්‍රී ලංකාවට මූල්‍ය සහතික ලබා දීම සඳහා පැරිස් සමාජය විසින් මෑතකදී කරන ලද ප්‍රකාශය සාදරයෙන් පිළිගන්නා බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

ශ්‍රී ලංකාව මූල්‍ය සහතික ලබා ගැනීම සඳහා නිල ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ අඛණ්ඩව සම්බන්ධ වන අතර දේශීය ප්‍රතිසංස්කරණ ද ඉදිරියට ගෙන යායුතුයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශකයෙකු ප්‍රකාශ කර ඇත්තේ ණය හිමියන්ගෙන් අදාළ එකඟතාවයන් ලැබුණු විගස විස්තීරණ මූල්‍ය පහසුකම පිළිබඳ කාර්යමණ්ඩල එකඟතාවය, අනුමැතිය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි.

ශ්‍රී ලංකා බලධාරීන් ප්‍රමාණවත් සහතික ලබාගෙන ඉතිරි අවශ්‍යතා සපුරාගත් විගස, ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍යව පවතින බාහිර මූල්‍ය පහසුකම් ලබාගත හැකිවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩිදුරටත් පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
9
අවුල් වගේ !
0
හරි හිනා !
3
හම්මෝ !
0
මාර දුකයි !
1
මලපනිනව !
0
කුජීතයි !
1
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?