ණය ගෙවී­මට තෙවැ­දෑ­රුම් සහන පැකේ­ජ­යක්

ගෙවීම් තාවකාලිකව අත්හිටුවා තිබෙන එක්සත් ජනපද ඩොලර් කෝටි 3,600ක විදෙස් ණය ආපසු ගෙවීමට තෙවැදෑරුම් සහන පැකේජයක් රජය සැලසුම් කර තිබෙනවා.

ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ, එය අවුරුදු පහත් හයත්, අවුරුදු හයත් විස්සත් සහ අවුරුදු විස්සෙන් ඉදිරියට ලෙස මේ තුන් වැදෑරුම් සහන පැකේජය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇති බවයි

විදේශීය ණය හිමියන්ගේ සහයෝගය ඇතිව මේ ණය ආපසු ගෙවීමේ සහන කාලයක් ලබා ගැනීමට කටයුතු කරමින් සිටී. ‍මේ සහන කාලය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය එකඟතාව ලබා ගැනීමේ සාකච්ඡා වට ගණනාවක් මේ වන විට සාර්ථකව පවත්වා තිබේ.

මෙම එකඟතා ලබා ගත හැකි වුව හොත් රජයට විදේශ ණයවලින් 37%ක් වසර 5-6 කාලය තුළ ගෙවීමට අවස්ථාව ලැබෙන අතර, 51%ක් ඉදිරි වසර 6-20ත් අතර කාලය තුළ ගෙවීමටද, ඉතිරි 12%ක ණය ප්‍රමාණය වසර 20කින් එපිට කාලයකින් ගෙවීමටද අවස්ථාව හිමි වන ලෙස මෙය සැලසුම් කර තිබේ.