ඩොලරය යළිත් ඉහළට

අද (30) දිනයේ ඩොලරයේ විකුණුම් අගය ඉහළ ගොස් තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව ඩොලරයක ගැනුම් මිල රු. 290.67ක් ලෙස ද, විකිණුම් මිල 303.95ක් ලෙස වාර්තා වී තිබේ.

මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල සටහන් වූයේ පහත පරිදිය,

සම්පත් බැංකුව – රු. 289.40 – රු. 303
සෙලාන් බැංකුව – රු. 287 – රු. 303
හැටන් නැෂනල් බැංකුව – රු. 290.00 – රු. 302.00
මහජන බැංකුව – රු. 288.06 – රු. 303.55
ලංකා බැංකුව – රු.290.00 – රු. 304.42