‌ඩොලරය තවත් ඉහළ යයි

අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල සහ විකුණුම් මිල යළි ඉහළ ගොස් තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (27) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 301.32ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 316.72ක් ලෙස සටහන්ව තිබේ.

මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින්,

මහජන බැංකුව – රු. 300.71 – රු. 318.05, සම්පත් බැංකුව – රු. 300.00 – රු. 315.00, කොමර්ෂල් බැංකුවේ – රු. 299.66 – රු. 316.00,හැටන් නැෂනල් බැංකුව – රු. 302.00 – රු. 318.00, සෙලාන් බැංකුව – රු. 300.50 – රු. 315.50,ලංකා බැංකුව – රු.302.00 – රු. 316.42



අපගේ නවතම වීඩියෝ පුවත්