ඩොනල්ඩ් ට්‍රම්ප් සහ පුටින් අතර පැය දෙකකටත් වැඩි දුරකථන සංවාදයක්

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර දුරකථන සංවාදයක් සිදුව තිබෙනවා.

රුසියානු යුක්‍රේන යුද්ධය නිමා කිරීමේ අරමුණින් නායකයින් දෙදෙනා අතර මෙම දුරකථන සංවාදය පවත්වා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

පැය දෙකකට වැඩි කාලයක් පැවති එම දුරකථන සංවාදය අවසන් වුණේ කඩිනමින් සටන් විරාමයකට යාමට ජනාධිපති පුටින් කැමැත්ත පළ කිරීමෙන් බව ට්‍රම්ප් ජනාධිපතිවරයා මාධ්‍ය හමුවේ සඳහන් කළා.

පළමුව සටන් විරාමයක් ඉන්පසු සාම වැඩපිළිවෙළක් ද ක්‍රියාවට නැංවීමටත්, ඒ සඳහා යුක්‍රේනය සමඟත්, යුක්‍රේනය ජනාධිපති සමඟත් සෘජු සාකච්ඡා ඇතිකර ගැනීමට පුටින් එකඟත්වය පළ කළ බවයි ට්‍රම්ප් ජනාධිපතිවරයා පවසන්නේ.

එක්සත් ජනපදය සාකච්ඡාවලින් සහ සාමය ලුහුබැඳීමෙන් ඈත් නොවීම අප සැමට ඉතා වැදගත් බව ට්‍රම්ප්-පුටින් ඇමතුමෙන් පසු ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?