ඩේවිඩ් මිලර්ගේ දියණිය අවාසනාවන්ත ලෙස මෙලොව හැරගිය කතාවේ ඇත්ත නැත්ත එළියට

දකුණු අප්‍රිකානු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඩේවිඩ් මිලර්ගේ දියණිය පිළිකා රෝගය හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ බව කියන පුවතක් ඊයේ රාත්‍රියේ සිට මෙරට මාධ්‍යවල සහ සමාජ ජාල මාධ්‍යවල සැරිසරනවා.

කෙසේ වෙතත් එම පුවතේ කිසිඳු සත්‍යතාවක් නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර තිබුණේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඩේවිඩ් මිලර්ගේ සමීපතමයෙකුගේ දියණියක් බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඇය කලක සිට පිළිකා රෝගයට ගොඳුරු වී සිටි අතර, ඇය ඩේවිඩ් මිලර්ගේ විශාලතම රසිකාවිය බවයි විදෙස් මධ්‍ය තොරතුරු වාර්තා කර තිබුණේ.

මෙම පුංචි රසිකාවියගේ අවාසනාවන්ත සමුගැනීම හේතුවෙන් මිලර් සිය සමාජ මාධ්‍යවලට සංවේදී වීඩියෝවක් ද එක්කර තිබූ ආකාරය දැකගත හැකි වුණා.

ඩේවිඩ් මිලර් මේ වනවිට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟ ඉන්දියාවේ තරග සංචාරයක නිරතව සිටිනවා.

මේ අතර දෙරට අතර අද ආරම්භවීමට නියමිත දෙවන එක්දින තරගයට මිලර් ක්‍රීඩා කිරීමට නියමිත බවයි ඉන්දියාවෙන් වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?