මෙම වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 79,016 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
මෙම කාලය තුළ ඩෙංගු රෝහය හේතුවෙන් මරණ සංඛ්‍යාව 57ක් වාර්තා වී ඇති බවයි එම ඒකකය සඳහන් කළේ.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්තවලට අනුව ජුලි මාසයේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 23,641ක් වනවා.
ඒ, අනුව මෙම වසරේ ගතවූ කාලය තුළ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ මෙම මාසයෙන්.
මේ අතර දිවයින පුරා ඩෙංගු අධි අවදානම් සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශ සංඛ්‍යාව 175ක් දක්වා ඉහළ ගොස් ඇති බවත්, ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













