ඩෙංගු මර්දනය කරන්න සජිත්ගෙන් යෝජනාවලියක්

ඩෙංගු රෝගය මැඩපැවැත්වීම සඳහා යෝජනා කිහිපයක් තමන් සතුව පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පෙන්වා දෙනවා.

විපක්ෂ නායකවරයා, මේ බව කියා සිටියේ කීට විද්‍යා සංගමයේ සාමාජිකයන් සමඟ ඩෙංගු උවදුර සම්බන්ධයෙන් වන සාකච්ඡාව අතරතුරයි.

පළමු යෝජනාව ලෙස කීට විද්‍යා ක්ෂේත්‍රයට අවශ්‍ය පහසුකම් වැඩි කළ යුතු බවට පවසන විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ එම නිලධාරීන්ට යතුරුපැදි ලබා දීමට අධ්‍යයක්ෂවරයා අනුමත කළත් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙය ප්‍රතික්ෂේප කර ඇති බවයි.

නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයාට ප්‍රවාහන පහසුකම් අවශ්‍ය නොවන නමුත් මේ කීට විද්‍යා නිලධාරීන්ට ප්‍රවාහන පහසුකම් ලබා දිය යුතු බව විපක්ෂ නායකවරයා කියා සිටියා.

එමෙන්ම විද්‍යා නිලධාරීන් සිය රාජ්‍ය කටයුතු කිරීමේ දී නීතිමය පනත්වලින් ලැබෙන සහයෝගය අඩු බවට පවාන් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ මෙම ක්ෂේත්‍රයේ කටයුතු කිරීමට අවශ්‍ය නෛතික පහසුකම් ලබා සිදු කළ යුතු බවයි.

තවද දේශපාලන බලපෑම්වලින් තොරව කටයුතු කිරීමේ අවස්ථාව ලබා දීම, කීට විද්‍යා නිලධාරීන් සමඟ සැබෑ තත්ත්වය පිළිබද සාකච්ඡා කිරීම, කීට විද්‍යා ක්ෂේත්‍රයේ පවතින පුරප්පාඩු සම්පූර්ණ කිරීම ද සිදු කළ යුතු බවට විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නා.

මේ ගැටලුව විසදීමට විපක්ෂයක් ලෙස ද සහයෝගය දෙන බවට පැවසු විපක්ෂනායකවරයා සඳහන් කළේ, ඔස්ට්‍රේලියාවේ බිස්බෙන්වල ඩෙංගු සහමුලින්ම විනාශ කරන්න කළ ක්‍රමවේදය අනුගමනය කරන ලෙසත් මුදල් නිසි පරිදි වෙන් කර ඔස්ට්‍රේලියානු රජය සමග විශේෂ සාකච්ඡාවක් පවත්වා මේ ව්‍යාපෘතිය සඳහා ආධාර පවා ලබාගත හැකි බවටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පන්දම් අරගෙන ලිප්ටන් වට රවුම වටලයි
00:42
Video thumbnail
සජබ උද්ඝෝෂණය තිබෙන ස්ථානය නිරීක්ෂණයට ගිය සජිත් ඇතුළු පිරිස
00:45
Video thumbnail
අපි පාර්ලිමේන්තුවෙන් එළියට බැස්සා ඇමතිකම් අතහැරලා - රාජිත ආණ්ඩුවට සැරටම අමතයි
02:43
Video thumbnail
ඒකාබද්ධ වෘර්තීය සමිති පන්දම් අරගෙන ලිප්ටන් වට රවුම වටලයි - අනුර, හර්ෂ පුරප්පාඩු පුරවාපන්
01:00
Video thumbnail
කොට අයට අනිවාර්ය නැති සීට් බෙල්ට් නීතිය - අඩි හතර හමාරට අඩු අයට සීට් බෙල්ට් නීතිය අනිවාර්ය නෑ
01:00
Video thumbnail
වලංගු බලපත්‍ර තියෙන සේවිකාවන් අයාලේ පනතෙන් කොහොමද අත්අඩංගුවට ගන්නේ ?
02:58
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
සජබ උද්ඝෝෂණය තිබෙන ස්ථානය නිරීක්ෂණයට ගිය සජිත් ඇතුළු පිරිස - මරික්කාර් හතර වටේම පෙන්නයි
00:51
Video thumbnail
රටේ සියල්ල පැලවත්තට වහල් කරන්න හදන්නේ - හිතා මතා අධිකරණය විනාශ කරන්න ගෙන එන මෙවලමක්
04:39
Video thumbnail
SPA කියන හැම එකක්ම අපේ නෙවෙයි - SPA වැටලීම් ගැන පොලිසිය එක්ක සාකච්ඡා කරලා අපි විසඳගත්තා
06:38