ඩෙංගු පාලනයට දීමනාවකින් තොරව රාජකාරී කරන්න මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සූදානමින් (වීඩියෝ)

ගම්පහ දිස්ත්‍රික්කය තුළ පැතිර යන ඩෙංගු රෝගය පාලනය කිරීම සදහා අවශ්‍ය නම් අතුරු දීමනාවකින් තොරව දිවයින පුරා සිටින තම සාමාජිකයින් ඒ සඳහා යෙදවීමට හැකියාව ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කරනවා.

මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සභාපතිවරයා අද (15) මේ බව සඳහන් කර සිටියා.

“මේ වන විට දිවයින පුරා ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් පැතිර යන බව දකින්න තිබෙනවා. ඩෙංගු රෝගය පාලනය කිරීම සදහා බලධාරීන් ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අපිට සෑහීමකට පත්වන්න පුළුවන් කමක් නෑ, මොකද නිසි පුහුණුවකින් තොර නිලධාරීන් සහ මහජනතාව යොදා ගෙන කාලය කා දැමීමෙන් මේ කටයුත්ත කරන්න පුළුවන්කමක් නොමැති බවයි කියන්න තියෙන්නේ. දිවයින පුරා සිටින සියළුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ව ගම්පහ දිස්ත්‍රික්කයේ ඩෙංගු මර්ධන කටයුතු සදහා යොදවන්න අපිට හැකියාව තිබෙනවා. මෙහිදී විශේෂයෙන්ම කියන්න තියෙන්නේ අපි එම කටයුත්තට සහභාගි වෙන්නේ අමතර කිසිඳු දීමනාවක් බලාපොරොත්තුවෙන් නොව ජාතික වගකීමක් ලෙස සලකා බවයි. ඩෙංගු මදුරු කීටයින් සොයායන ඇතැම් සෞඛ්‍ය සේවකයින්ට මහජනතාව විසින් විවිධ බාධා කිරීම් සිදුකර ඇති බවත් පසුගිය දිනවල වාර්තා වී තිබුණා.මින් ඉදිරියට ඩෙංගු කීටයින් ඉන්නවා ද කියලා සොයා බලන්න එන්න පෙර අපි ඒ සම්බන්ධයෙන් පෙර දැණුවත් කිරීමක් කරන්නේ නෑ.ඒ නිසා පොදු නිවේදනයක් කොට සලකා සියළුම ජනතාව ඒ සදහා සහාය දෙන්න කියා ඉල්ලා සිටිනවා. කිසියම් ආකාරයකට සෞඛ්‍ය සේවකයින් ඩෙංගු කීටයින් සම්බන්ධයෙන් සොයා බැලීමට ගිය විට බාධා කිරීම් කළහොත් අපි ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද කියන්න කැමතියි.”

https://youtu.be/NqYuTzo0r44
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56


?