ඩුබායි සිට පිටුවහල් කළ සංවිධානාත්මක අපරාධකරුවන් පිරිසක් දිවයිනට

ඩුබායි සිට මෙරටට පිටුවහල් කළ බවට වාර්තා වන සංවිධානාත්මක අපරාධකරුව 21 දෙනෙකු අද (22) උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා.

මෙම සංවිධානාත්මක අපරාධකරුවන් අතර ‘මහවත්තේ චාමර’ සහ ‘කුඩු දුමින්ද’ යන අය ද සිටින බවට තොරතුරු වාර්තා වනවා.

මෙලෙස දිවයිනට පිටුවහල් කළ සංවිධානාත්මක අපරාධකරුවන්ගෙන් මේ වනවිට ගුවන් තොටුපොළ තුළ දී ආරක්ෂක අංශ විසින් ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින බවයි වාර්තා වුණේ.

මෙම පිරිස රැගත් ගුවන් යානය අද (22) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට නියමිතව තිබුන ද පැවති අයහපත් කාලගුණය හේතුවෙන් එම යානය මත්තල ගුවන් තොටුපොළ වෙත හරවා යැවීමටයි කටයුතු කර තිබුණේ.

මත්තල ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්ස වූ එම යානය, කාලගුණය තරමක් යහපත් වූ පසු නැවතත් අද (22) පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණන ගොඩබස්සවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
12
+1
0
+1
4
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted