ඩීසල් තොගයක් සඟවාගෙන සිටි අයෙක් STF අත්අඩංගුවේ

පොලිස් විශේෂ කාර්ය බලකායේ දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව සිදු කරන ලද වැටලීමක දී ඩීසල් තොගයක් නීතිවිරෝධී ලෙස සන්තකයේ තබාගෙන සිටි අයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම වැටලීම සිදු කර ඇත්තේ මිද්දෙණිය පොලිස් වසමේ කටුවන පාරේ පිහිටි නිවසක සිදුකර ඇති අතර එහිදී සැකකරු සතුව තිබී ඩීසල් ලීටර් 1700ක් සොයා ගැනුණා.

සැකකරු 45 හැවිරිදි වියෙහි පසුවන මිද්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.