ඩිරාම් සොයා ගිය තරුණයාගේ නිසල දේහය නිවසට

ඩුබායි රැකියාවකට ගිය තරුණයෙකු දින 5ක් වැනි කෙටි කාලයක් තුළ සිය දිවි හානි කර ගැනීමේ සිදුවීමක් ගල්නෑව පහළ ඔබඩයාගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස මියගොස් ඇත්තේ පහළ ඔබඩයාගම ප්‍රදේශයේ ම පදිංචි 23 හැවිරිදි අවිවාහක තරුණයෙක්.

ඔහු පසුගිය ජුනි මස 15 වනදා විදෙස්ගත වී ඇති අතර 23 වනදා උදෑසන සිය කාමරය තුළ ගෙළ වැළලාගෙන මියගොස් තිබෙනවා.

සංචාරක වීසා මඟින් ඩුබායි රාජ්‍යයේ රැකියාවකට ගිය මෙම තරුණයා දින 5 ක් වැනි කාලයක් තුළ රැකියා දෙකක නිරත වී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

පසුව ඔහු සම්බන්ධයෙන් තොරතුරක් නොමැති වීම හමුවේ දෙමව්පියන් කළ සොයා බැලීමකදී හෙළිවී ඇත්තේ මෙම තරුණයා තම නවාතැන තුලදී සිය දිවි හානි කරගෙන ඇති බවටයි.

අනතුරුව ඔහුගේ දේහය ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සහ අදාළ ඉහළ නිලධාරීන්ට දැනුම් දී තිබුණ ද දේහය ගෙන්වා ගැනීමට දින ගණනක් ම නොහැකිවී තිබී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සංචාරක වීසා මත ඩුබායි රාජ්‍යයට ගිය මෙම තරුණයා පළමු දින දෙක හෝටලයක සේවය කර ඇති අතර අනතුරුව දින 3ක් ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවය කර ඇතැයි අනාවරණ වී තිබෙනවා.

අනතුරුව ඔහු සේවය කළ එම ඇඟලුම් කම්හලේ ඉහළ නිලධාරියෙකුගේ පෞද්ගලික වියදමින් දේහය ශ්‍රී ලංකාවට ගෙන්වා ගත් බවයි මෙම තරුණයාගේ පියා ප්‍රකාශ කළේ.

මියගිය තරුණයාගේ දේහය පසුගිය 20 වනදා මෙරටට රැගෙන ආ අතර එය නිවෙසට රැගෙන ගොස් ඇත්තේ පසුගිය 21 වනදායි.

ඔහු විදේශගත වීම සඳහා තැරැව්කරුවන් දෙදෙනෙකුට මුදල් ලබාදී ඇති බවට ද පියා වැඩිදුරටත් සඳහන් කළා.

මෙම තරුණයාගේ පියා සහ ප්‍රදේශවාසීන් පවසන්නේ ඉහළ නිලධාරීන්ගේ අකටයුතුකම් හේතුවෙන් මෙවැනි අසාධාරණකම් සිදු වන්නේ අහිංසක දුප්පත් ජනතාවට බවයි.

ගොවිතැනින් ජීවත් වන මෙම තරුණයාගේ පියාට සහ මවට මෙන්ම එකම සොහොයුරියට ජීවත්වීම සඳහා වන්දියක් හෝ නිසි ආධාරයක් ලබාදෙන ලෙසටයි ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14