ඩිජිටල්කරණය සහ AI ගැන උතුරේ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කෙරේ

රාජ්‍ය නිලධාරීන් අතර කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, ජනාධිපති ලේකම් කාර්යාලය, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සමඟ එක්ව ක්‍රියාවට නංවා ඇති “AI for Transforming Public Service” පුහුණු වැඩමුළුව පසුගිය 27 වන දා උතුරු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.

ඩිජිටල්කරණය සහ කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතය තුළින් රාජ්‍ය අංශයේ නව්‍යකරණය සහ ප්‍රතිසංස්කරණය, මහජන සේවා කාර්යක්ෂම කිරීම, නව විදේශ පුහුණු අවස්ථා සදහා යොමු කිරීම, ඩිජිටල් ආර්ථික ප්‍රතිපත්ති සදහා සූදානම් කිරීම, රාජ්‍ය නිලධාරීන්ගේ කෘත්‍රීම බුද්ධිය පිළිබඳ සාක්ෂරතාව වැඩිදියුණු කිරීම, දියුණු ලෝකයට සරිලන නිලධාරියෙකු නිර්මාණය කිරීම මෙම වැඩසටහනේ අරමුණ වනවා.

ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය මෙම වැඩමුළුවේ ප්‍රධාන දේශනය සිදු කළ අතර, ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් සම්පත් දායකයෝ ලෙස එක් වුණා.

වැඩසටහන අවසානයේ ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නා වටිනා සහතිකපත් ප්‍රදානයක්ද සිදු කෙරුණා.

උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායහන්, උතුරු පළාත් ප්‍රධාන ලේකම් තනුජා මුරුගේසන්, උතුරු පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම්, පළාත් අමාත්‍යාංශ ලේකම්වරු, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ උතුරු පළාතේ රාජ්‍ය ආයතනවල විධායක නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තරුණයෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
00:46
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
10:50
Video thumbnail
"මේකා ගො# කියලා අමතක වුණා..මේකා ගො# තමයි"ලාල් කාන්තට ගොවීන් හොඳ පදෙන්ම දෙසයි
07:43
Video thumbnail
දුම්රියේ මිල ගාස්තු සශෝධනයක් කරන්න එපා..බීරි අලින්ට වීණා වාදනය කරනවා වගේනේ මෙයාලට
05:26
Video thumbnail
කංචන ගසා කාපු රු.50 ඉස්සෙල්ලම තෙල් මිලෙන් අඩු කරන්න..දයාසිරිගෙන් සැර කතාවක්
07:50
Video thumbnail
දැන් අමෙරිකන් ජෙප්පො ටිකක් ඉන්නේ..ටැක්ස් එක අඩු කරලා ඉන්ධන දෙනවා කිව්වා..දැන් කරපන්කෝ ඉතින්
04:21
Video thumbnail
ගියපාර ඉරානයට ෂොට් එක දෙද්දි "ඔබාමාට එන්න කියාපිය" කියලා තමයි අනුරලා පිකෙටින් කළේ..දැන් කට කොයි
05:29
Video thumbnail
ඉරාන නැව ගැන මුජිබුර්ගෙන් ඇස් උඩයන හෙළිදරව්වක්..ජනපති මධ්‍යස්ත නෑ - ඉන්නේ යුද්දෙ එක්ක
09:04
Video thumbnail
සීගිරියේ ලොකුම හෝටලය කාලයක් තිස්සේ කරපු කැත වැඩ ඔක්කොම මාට්ටු..වනජීවී අපරාධ රාශියක් කරලා
06:02
Video thumbnail
කළු ගඟ ඉවුර ගොඩ කරලා කෙසෙල් ගස් හදලා..මේ විනාශය බලධාරින්ට පේන්නේ නැද්ද ?මේකද ආණ්ඩුවේ වෙනස ?
03:11