AFC Banner
AFC Banner
Empty Ad

ටිරාන් අලස්ට මානව හිමිකම් කොමිසමෙන් කැඳවීමක්

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මානව හිමිකම් කොමිසම වෙත කැඳවා තිබෙනවා.

පසුගිය 07 වනදා සහ 08 වනදා පැවති උද්ඝෝෂණ පාලනය කිරීමට පොලිසිය ක්‍රියාකළ ආකාරය සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණයකට අදාළව ඔහුට මෙම කැඳවීම සිදු කර ඇති බවයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව කියාසිටියේ.

ඒ අනුව ලබන 13 වන සඳුදා අමාත්‍යවරයාට කැඳවීම සිදුකර ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

මේ අතර අදාළ උද්ඝෝෂණ පාලනය කිරීම සඳහා ක්ෂේත්‍රයේ කටයුතු කළ ජ්‍යෙෂ්ඨතම පොලිස් නිලධාරීන්ගේ නාම ලේඛනයක් ලබන 10 වනදාට පෙර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත ලබාදෙන ලෙස පොලිස්පතිවරයා වෙත ලිඛිත දැනුම්දීමක් ද සිදුකර තිබෙනවා.

Press Notice2
Press Notice1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?