ටිපර් රථයේ වැලි අස්සේ හංගන් ගිය තේක්ක දැව තොගයක් මාට්ටු

යාපනය චාවකච්චේරි පොලිස් වසමේ මීසාලෙයි ප්‍රදේශයේදී නීතිවිරෝධීව ඉතා සූක්ෂමව වැලි ප්‍රවාහනය කරන මුවාවෙන් තේක්ක දැව ප්‍රවාහනය කරන ලද ටිපර්රථයක් සැකකරුවෙකු සමග ඊයේ (28) දින අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම වැලි ටිපර් රථය කනගරායන් කුලම් ප්‍රදේශයේ සිට යාපනය දක්වා ධාවනය වී ඇති අතර මීසාලෙයි ප්‍රදේශයේ යොදවා ඇති පොලිස් මාර්ග බාධකයකදී මෙම ටිපර් රථය පොලීස් නිලධාරීන් නවතා ඇත.

පසුව වැලිටිපර් රථය පිළිබඳව සැක පහල වී සිදුකරන ලද සෝදිසියකදී වැලි වලට යටින් තේක්ක දැව ඇති බව අනාවරණය වීමෙන් පසුව ටිපර් රථය සමගින් එහි රියදුරු අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබුණි.

රියදුරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී අත්අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලා අල්ලස් මුදලක්ද ලබාදීමට සැකකරු උත්සහ කොට ඇතත් එයද නොතකා පොලිස් නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකොට තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු යාපනයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද පරික්ෂණ සිදුකරන චාවකච්චේරි පොලීසිය වැඩිදුරටත් පැවසීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ ප්‍රතිසංස්කරණය අවශ්‍යයි..ජනතාවට කිසිම හානියක් වෙන්නේ නෑ - 159ක් තෝරලා එව්වේ මේකට
06:54
Video thumbnail
නබිතුමාගේ ජන්ම දිනය වෙනුවෙන් සැරසුණු කොළඹ මහනගර සභාව
00:42
Video thumbnail
අනුරගේ ඇඟ පුරා මොළේ කියලා හිතාගෙන හිටියේ - පුස්සක්නේ
11:35
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධව පාරට බැස්ස පිරිසගෙන් රතු එළියක්
03:28
Video thumbnail
හොරට වී කිරපු මුදලාලිට ගොවියෝ එකතුවෙලා උගන්නපු පාඩම
01:42
Video thumbnail
නීතිඥයින්ගෙන් විපක්ෂයට දැඩි චෝදනා ?වරප්‍රසාදවලට මුවාවෙලා මේ කරන්නේ අපහාසයක්
06:32
Video thumbnail
හොරට වී කිරපු මුදලාලිට ගොවියෝ එකතුවෙලා උගන්නපු පාඩම - එක උරයකින් 20kg වංචා කරනවා
07:26
Video thumbnail
අනේ ප්ලීස් අනුර.. අනේ ප්ලීස්
15:36
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ දැඩි රථවාහන තදබදයක්
01:43
Video thumbnail
වාහනයක ගැටෙන්න ගිය අලි පැටියාව බේරාගන්න අලි අම්මා කරපු වැඩේ
00:30