Indian Premier League

ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති අභාවප්‍රාප්ත වෙයි

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඉන්දීය විදෙස් මාධ්‍ය වාර්තා කළේ; හිටපු ටාටා සභාපතිවරයා අභාවප්‍රාප්ත වන විට 86 හැවිරිදි වූ බවයි.

දීර්ඝ කාලයක් රෝගාතුරව සිටීමෙන් පසු අද (10) අලුයම රතන් ටාටා මහතා මුම්බායි නුවර රෝහලකදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අගමැති මෝදි ඇතුළු එරට ප්‍රභූන් රතන් ටාටා මහතාගේ අභාවය පිළිබඳ ව සිය සංවේගය පළ කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
9
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?