ට්‍රම්ප් පරිපාලනය හාවර්ඩ් සරසවියේ විදෙස් සිසුන්ට පැය 72ක් දෙයි

ඇමරිකාවේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයට විදෙස් සිසුන් බඳවාගැනීම ට්‍රම්ප් පරිපාලනය විසින් මේ වනවිට අත්හිටුවා තිබෙනවා.

හාවර්ඩ් විශ්වවිද්‍යාලය තුළ ඇමරිකානු විරෝධී ක්‍රියාවන්ට විදෙස් සිසුන් පෙළඹී සිටින බවට ලැබුණු තොරතුරු මත මෙම හදිසි තීරණය ගත් බවයි ඇමරිකානු ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසන්නේ.

මෙම තීරණයත් සමඟ 2025–2026 අධ්‍යයන වර්ෂය සඳහා ජාත්‍යන්තර සිසුන් ඇතුළත් කර ගැනීමේ හැකියාව හාවඩ් විශ්ව විද්‍යාලයට අහිමි වී තිබෙනවා.

මේ අතර මෙම තීරණය දැනුම් දෙමින් ඇමරිකානු රජය දැනුම් දී තිබුණේ එම විශ්වවිද්‍යාලයේ දැනට අධ්‍යාපනය හදාරණ දහස් ගණන් විදෙස් සිසුන්ට වෙනත් විශ්වවිද්‍යාලයකට මාරු විය යුතු බවත්; එසේ නොහැකි නම් රටෙන් පිටව යායුතු බවටයි.

කෙසේ වෙතත් විදේශීය සිසුන් ඇතුළත් කර ගැනීමේ හැකියාව අහිමි කිරීමෙන් පසු දහස් ගණනක් ජාත්‍යන්තර සිසුන් අවිනිශ්චිත අනාගතයක් දෙස බලා සිටින විට, ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය එහි නියෝගය අවලංගු කිරීමට පැය 72 ක කවුළුවක් විවෘත කර තිබෙනවා.

මෙම පැය 72 තුළ, විදේශීය සිසුන් නැවත ඇතුළත් කර ගැනීම සඳහා දැඩි කොන්දේසි හයකට අනුකූල වන ලෙස දැනුම් දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර ජාත්‍යන්තර සිසුන් 6,800ක් පමණ හාවර්ඩ් විශ්වවිද්‍යාලය තුළ අධ්‍යාපන හදාරමින් සිටි බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
2
+1
2
+1
1
+1
1
+1
0
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ අයගේ අතීතය මතක් කරලා චානක කිව්ව දේ..මුදල් අරබුදයක් නෑනේ..බඩු මල්ල දුන්නනම් හොඳයි
03:29
Video thumbnail
ඉන්ධන පිරවුම් හල් අසල ඊයේ රාත්‍රියේත් දිගු ඉන්ධන පෝළිම්
00:29
Video thumbnail
වැල්ලවායේ ඉන්ධන පිරවුම් හල් අසල ඊයේ රාත්‍රියේත් දිගු ඉන්ධන පෝළිම්
00:52
Video thumbnail
රනිල් ආයේ දේශපාලනයට එන්නේ නැද්ද ?..මගේ මුළු ශක්තියම දාලා සජබ - එජාපය එකතු කරනවා
06:07
Video thumbnail
හිටපු ජනාධිපති රනිල්ගේ උපන්දිනයට සමගාමීව තිබූ පිංකමට රවි, රෝසි, තලතා ඇතුළු ප්‍රබලයින් රැසක්ම එයි
08:25
Video thumbnail
කවුද ප්‍රශ්නෙ හැදුවේ මහින්දද, නාමල්ද ?බස් ගාස්තු නිසා අසේලට නහුතෙටම තදවෙයි
02:53
Video thumbnail
ඉරාන මිසයිල ගැන ඇස් උඩයන කතාවක්
01:26
Video thumbnail
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ කාලය අඩු කිරීමට ජනපති අනුර සමඟ සාකච්ඡාවක්
00:57
Video thumbnail
සජිත් ප්‍රතිඥා දීලම ආණ්ඩුවට දැම්ම සැර සත්තම..ටෙලිකොම් එකේ ඉතුරු ටික මතකද ? ලිට්‍රෝ එක මතකද ?
08:52
Video thumbnail
අපිට තියෙන එකම විකල්පය සජිත් රටේ ජනාධිපති කරන එක..රාජ්‍ය සේවය වෙනුවෙන් වැඩියෙන්ම වැඩ කළේ අපි
02:39