ට්‍රම්ප්ගෙන් යුරෝපා සංගමයටත් තීරු බද්දක්

ලබන මාසයේ සිට යුරෝපා සංගමයෙන් එක්සත් ජනපදයට ආනයනය කරන භාණ්ඩ සඳහා 50%ක තීරු බදු පැනවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් නිර්දේශකර තිබෙනවා.

ඒ, අනුව ජුනි මස පළමුවනදා සිට සුඛෝපභෝගී භාණ්ඩ, ඖෂධ සහ අනෙකුත් භාණ්ඩ සඳහා මෙම බදු පැනවෙනු ඇති බවයි
ට්‍රම්ප් පවසන්නේ.

සිය සමාජ මාධ්‍ය ජාලය Truth Social ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ මෙම තීරණය සම්බන්ධයෙන් කිසිම අවස්ථාවක යුරෝපා සංගමය සමඟ සාකච්ඡාවක් නොමැති බවයි.

මේ අතර ඇමරිකාවේ නිෂ්පාදනය නොකරන අයිෆෝන් සඳහා 25%ක ආනයන බද්දක් පැනවීමටද ට්‍රම්ප් ජනාධිපතිවරයා කටයුතු කර තිබෙනවා.

ධවල මන්දිරයට දෙවනවරටත් පැමිණි දා සිට, ට්‍රම්ප් ලොව පුරා රටවල් මත විවිධ තීරුබදු පනවා තර්ජනය කර ඇති අතර, එය එක්සත් ජනපද නිෂ්පාදනය ඉහළ නැංවීමේ සහ විදේශීය තරඟකාරිත්වයෙන් රැකියා ආරක්ෂා කිරීමේ ක්‍රමයක් ලෙස ඔහු දකිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?