ටයිටන් සබ්මැරීනයේ සුන්බුන් කොටස් ගොඩබිමට

අත්ලාන්තික් සාගරය පතුලේ පවතින ටයිටැනික් නෞකාවේ සුන්බුන් ආසන්නයේ විනාශවී ගිය ටයිටන් සබ්මැරීනයේ සුන්බුන් කොටස් ගොඩබිමට රැගෙන ආ බව ඇමරිකානු වෙරළ ආරක්ෂක බලකාය තහවුරු කර තිබෙනවා

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමරිකාවේ නිව් ෆවුන්ඩන් වෙරළතීරයට එම කොටස් රැගෙන ආ බවයි. සබ්මැරීනයේ සුන්බුන් ආසන්නයේ තිබී මිනිස් අශ්ථි කොටස් කිහිපයක් සොයාගෙන ඇති බවයි දෙස් මාධ්‍ය වාර්තා කළේ .

ඇමරිකානු වෛද්‍ය පිරිසක් විසින් ඒ පිළිබඳ විධිමත් විශ්ලේෂණයක් ඉදිරියේ දී සිදුකරනු ඇති බවයි ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීම සඳහා සංචාරකයන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් පස්දෙනෙකු ටයිටන් සබ්මැරිනය මගින් ඉකුත් 18 වැනිදා අත්ලාන්තික් සාගර පතුලට ළඟා වී තිබුණා. ගමන ආරම්භ කර පැය දෙකකට ආසන්න කාලයකදී සබ්මැරීනය මව් නෞකාව සමග පැවති සබඳතා බිඳ වැටුණු අතර දින පහක් පුරා මෙහෙයුම් වලින් අනාවරණය වූයේ එය පුපුරා විනාශ වී ගොස් ඇති බවයි. අනතුරත් සමඟ සබ්මැරිනයේ ගමන් කල පුද්ගලයින් පස් දෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
4
+1
1
+1
17
+1
5
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?