spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට ගැනීම ග්‍රාම නිලධාරීවරුන් හෙළාදකියි

වෘත්තිය සමිති නායක ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ මූලික නීතියට අනුව පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමේ දී පවතින ක්‍රමවේදයෙන් බැහැරව, අත්අඩංගුවට ගැනීමට හේතු නොදන්වා ජෝසප් ස්ටාලින්ව අත්අඩංගුවට ගැනීම ඔවුන් නිරීක්ෂණය කළ බව එම නිවේදනය මඟින් දන්වා තිබෙනවා.

මහජන මතය විකෘති කරමින් ජන අරගලයේ වාසිය කූඨ ලෙස උපයෝගී කරගනිමින් නෛතික ප්‍රතිපාදනවලට මුවා වී සිදුකරන මෙම මර්ධනය හෙළා දකින බවයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

වෘත්තිය සමිති ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතුකරන ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට ගැනීම දැඩි පිළිකුලෙන් යුතුව හෙළාදකින බව ඔවුන් සඳහන් කරනවා.

එමෙන්ම මෙවන් මර්ධනකාරී ක්‍රියාවන් තුළින් මහජනතාව ප්‍රකෝප කරමින් ජනතා ප්‍රචණ්ඩත්වයට අතවැනීමක් බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

2 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?