ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට ගැනීම ග්‍රාම නිලධාරීවරුන් හෙළාදකියි

වෘත්තිය සමිති නායක ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ මූලික නීතියට අනුව පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමේ දී පවතින ක්‍රමවේදයෙන් බැහැරව, අත්අඩංගුවට ගැනීමට හේතු නොදන්වා ජෝසප් ස්ටාලින්ව අත්අඩංගුවට ගැනීම ඔවුන් නිරීක්ෂණය කළ බව එම නිවේදනය මඟින් දන්වා තිබෙනවා.

මහජන මතය විකෘති කරමින් ජන අරගලයේ වාසිය කූඨ ලෙස උපයෝගී කරගනිමින් නෛතික ප්‍රතිපාදනවලට මුවා වී සිදුකරන මෙම මර්ධනය හෙළා දකින බවයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

වෘත්තිය සමිති ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතුකරන ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට ගැනීම දැඩි පිළිකුලෙන් යුතුව හෙළාදකින බව ඔවුන් සඳහන් කරනවා.

එමෙන්ම මෙවන් මර්ධනකාරී ක්‍රියාවන් තුළින් මහජනතාව ප්‍රකෝප කරමින් ජනතා ප්‍රචණ්ඩත්වයට අතවැනීමක් බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

2 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පන්දම් අරගෙන ලිප්ටන් වට රවුම වටලයි
00:42
Video thumbnail
සජබ උද්ඝෝෂණය තිබෙන ස්ථානය නිරීක්ෂණයට ගිය සජිත් ඇතුළු පිරිස
00:45
Video thumbnail
අපි පාර්ලිමේන්තුවෙන් එළියට බැස්සා ඇමතිකම් අතහැරලා - රාජිත ආණ්ඩුවට සැරටම අමතයි
02:43
Video thumbnail
ඒකාබද්ධ වෘර්තීය සමිති පන්දම් අරගෙන ලිප්ටන් වට රවුම වටලයි - අනුර, හර්ෂ පුරප්පාඩු පුරවාපන්
01:00
Video thumbnail
කොට අයට අනිවාර්ය නැති සීට් බෙල්ට් නීතිය - අඩි හතර හමාරට අඩු අයට සීට් බෙල්ට් නීතිය අනිවාර්ය නෑ
01:00
Video thumbnail
වලංගු බලපත්‍ර තියෙන සේවිකාවන් අයාලේ පනතෙන් කොහොමද අත්අඩංගුවට ගන්නේ ?
02:58
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
සජබ උද්ඝෝෂණය තිබෙන ස්ථානය නිරීක්ෂණයට ගිය සජිත් ඇතුළු පිරිස - මරික්කාර් හතර වටේම පෙන්නයි
00:51
Video thumbnail
රටේ සියල්ල පැලවත්තට වහල් කරන්න හදන්නේ - හිතා මතා අධිකරණය විනාශ කරන්න ගෙන එන මෙවලමක්
04:39
Video thumbnail
SPA කියන හැම එකක්ම අපේ නෙවෙයි - SPA වැටලීම් ගැන පොලිසිය එක්ක සාකච්ඡා කරලා අපි විසඳගත්තා
06:38