ජෝන්ස්ටන්ගේ සතොස නඩුවේ අධිකරණයට ඉදිරිපත් නොවූ සාක්ෂිකරුවෙක්ට වරෙන්තු

හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනෙක්ට එරෙහිව ගොනුකර ඇති දූෂණ නඩුවේ සාක්ෂි දීම සඳහා අධිකරණයට ඉදිරිපත් නොවූ සාක්ෂිකරුවෙක් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (05) වරෙන්තු නිකුත් කරනු ලැබුවා.

නඩුවේ දොළොස්වන සාක්ෂිකරු ලෙස නම් කර සිටි අය, අද (05) දින සාක්ෂි දීම සඳහා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන්, කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

ජෝන්ස්ටන් ප්‍රනාන්දු වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කරමින් ‘දූෂණය’ නමැති වරද සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම නඩුව පවරා තිබෙනවා.

අදාළ නඩුව යළි කැඳවීමට නියමිත අතර, එහිදී සාක්ෂිකරු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීමට පොලිසිය පියවර ගත යුතු බව මහාධිකරණය වැඩිදුරටත් දන්වා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ගේ ආරාධනයෙන් ආ හිටපු ජනපති රනිල්ට ලැබුණු පිළිගැනීම...
00:48
Video thumbnail
රට වටේ ඉන්න දක්ෂ ක්‍රීඩකයින් සොයා යන ගමන..ක්‍රීඩා ඇමති හෙළිකරයි
06:45
Video thumbnail
සජිත් ළඟට ආපු නාමල් රාජපක්ෂව උණුසුම් ලෙස පිළිගත්තු හැටි...
00:38
Video thumbnail
අර්චුනා හඬා වැටෙමින් පාර්ලිමේන්තුවම සංවේදී කරයි...
00:39
Video thumbnail
සජිත් එක්ක සාකච්ඡාවට නාමලුත් එයි
01:02
Video thumbnail
රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක කාර්යාලයට එයි
01:06
Video thumbnail
කොටගල මන්ත්‍රීට ප#හරදුන් මාලිමාවේ සංවිධායකව අත්අඩංගුවට ගන්න කියලා උද්ඝෝෂණයක
02:16
Video thumbnail
විපක්ෂයේ හමුව ගැන මහින්දගෙන් සැර කතාවක් - යන එන මං නැතිවුණ විපක්ෂය බයවෙලා
02:41
Video thumbnail
මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අජිත් පී පෙරේරා නැත්තටම නැතිකරයි
09:04
Video thumbnail
හෝමාගම සලිත කළ ගින්න ගැන මහින්දගෙන් විශේෂ ප්‍රකාශයක්..පරිසර බලපත්‍රය 2023 ඉදන් අරගෙන නෑ ?
04:21