ජොනීගෙන් සිපිරිගෙ සිට ඇතුගල ජනතාවට ලිපියක් (ඡායාරූප)

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැලිකඩ බන්ධනාගාරයේ සිට සිය කුරුණෑගල ජනතාව ආමන්ත්‍රණය කරමින් විශේෂ ලිපියක් ලියා තිබෙනවා.

එම ලිපිය හිටපු අමාත්‍යවරයාගේ මාධ්‍ය අංශය විසින් ජනතාවට දැනගැනීම පිණිස මාධ්‍යය වෙත මුදාහැරීමටයි පියවර ගෙන ඇත්තේ.

තමන්ව මර්දනකාරී දේශපාලන බලකොටු විසින් සිරකළ ද සිය දේශපාලනික සක්‍රීයත්වය නැවැත්විය නොහැකි බව හිටපු අමාත්‍යවරයා සිය ජනතාවට පවසා තිබෙනවා.

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ලියූ බවට සැලකෙන සම්පූර්ණ ලිපිය පහතින්..

ආදරණීය හිතවත,

2024 මැතිවරණය වෙනුවෙන් ඔබ වෙත ආමන්ත්‍රණය කරන ලිපිය මෙවැනි එකක් වේ’ යැයි ඔබ කිසිසේත් අපේක්ෂා නොකළ බව මම හොඳින් දනිමි.

එහෙත් 2015 දී මෙන්ම අදත් දේශපාලනිකව පරාජය කළ නොහැකි චරිත චෝදනා අවලාද මතින් අක්‍රීය කර ඉන් නොනැවති රාජ්‍ය බලය යොදා හිරේ විලංගුවේ දමා හෝ මර්දනය කිරීමෙන් තම දේශපාලනික උවමනාවන් ඉටු කර ගැනීමට උත්සහා කරන අවස්ථාවාදීන්ගේ කූඨප්‍රාප්තිය රඟ දැක්වීම ආරම්භ කර ඇත.

එදාට වඩා අද ඇති එකම වෙනස නම් තිරය යට සිට නූල් ඇඳි සූත්තර පුංචා අද ජනාධිපති පුටුවේ සිට එය මෙහෙය වීම පමණි.

මම විශ්වාස කරන දේශපාලනය වෙනුවෙන් මෙවැනි අභියෝග මට නම් නිය තුඩක තැවරී දුහුවිල්ලක් තරම් නොවේ.

මා ජීවිතයේ මුහුණ දුන් අභියෝග හා සැසඳීමේ දී මේවා කිසිසේත් තැකිය යුත්තක් නොවන්නේය.

මේ රටේ මිනිසුන් වෙනුවෙන්, කුරුණෑගල ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් මා විශ්වාස කරන දර්ශනය වෙනුවෙන් පෙනී සිටීම වරදක් කොට, මාගේ දෙමව්පියන් ගොඩනංවන ලද මා උපන් නිවස පවා දවා අළුකර බිමට සමතලා කර නැවැත්විය නොහැකි මා, හිර ගෙදර පෙන්වා නැවැත්විය හැකි යැයි සිතීම විහිළුවකි.

ආදරය විශ්වාසය හා ලෙන්ගතුකමින් පිරී ගිය ලක්ෂ සංඛ්‍යාත පිරිසකට තමාගේම නිවස හා කාර්යාලය වූ මා උපන් රත්කරව්ව නිවසත් විල්ගොඩ කාර්යාලයත් වෛරයේත් කුහකකමේත් ගිලුණු අතලොස්සක් එක්ව ගිනි තබා අළු කළ ද ඔබ වන් මිනිසුන්ගේ ආදරණීය විශ්වාසය ඇති තාක් මා වැන්නන් බිම දැමිය නොහැකි බව අප විසින්ම ඔප්පු කළ යුතු කාලය පැමිණ ඇත.

කුරුණෑගල මිනිසුන්ගේ ආදරය හා විශ්වාසය මතින් ශක්තිමත් වු මාගේ දේශපාලනයට තිත තැබීමට තබා සෙලවීමටවත් නොහැකි බව පෙන්විය යුතු අවස්ථාව උදා වී ඇත.

වසර තිස් ගණනක වූ මාගේ දේශපාලන ගමන් මග කවදත් ශක්තිමත් කළේ ඔබ වැන්නන්ගේ කැපවීමයි.

සෑම මැතිවරණයක දී ම දිස්ත්‍රික්කයේ මා ලැබූ ඉහළම මනාප සංඛ්‍යාවෙන් කියවෙන්නේ ඔබ වැන්නන්ගේ ශක්තියයි.කහපත්වල ,දඹදෙනිය වැනි ග්‍රාමීය සෞඛ්‍ය මධ්‍යස්ථානවල සිට ක්‍රීඩාපිටි, ගෘහස්ථ ක්‍රීඩාගාර හරහා කාපට් පාරවල් මෙන්ම අධිවේගී මාර්ග දක්වා විහිදෙන්නේ ඔබගේ ආදරයේ මහඟු ඵලයයි.

නිකවැරටිය ඈත වන්නියේ නිවසක් දැල්වූ කුප්පි ලාම්පුව නිවා දැල්වූ විදුලි බුබුළේ සිට කුරුණෑගල වැව රවුම බඩගමුව, බතලගොඩ රක්ෂිතයේ ඇවිදින මංතීරු දක්වා විහිදුණේ ඒ ළෙන්ගතුකමයි.ඒ කැපවීම ශක්තිය ආදරය ළෙන්ගතුකම වෙන කිසිදාටත් වඩා ඔබගෙන් මා වෙත ඇවැසි මොහොත පැමිණ ඇත.

විරුද්ධවාදීන් නගන අශික්ෂිත අවලාද බොරු චෝදනා සඳහා සත්‍යයේ ශක්තිය මත පිහිටා නිශේධනය කිරිමට මා කටයුතු කරන බව මගේ ජනතාවට දැනුම්දෙන්න.

අප විශ්වාස කරන දේශපාලනය වෙනුවෙන් ඕනෑම පරිත්‍යාගයක් ඉටු කිරීමට සූදානම් බව අපගේ පාක්ෂිකයන්ට දැනුම්දෙන්න.

මහින්ද රාජපක්ෂ නමැති මේ රට බේරාගත් නායකයා වෙනුවෙන් ඇති ගෞරවය හා ආදරය එලෙසම බව පවසන්න.

කිනම් බාදක මැද හෝ නාමල් රාජපක්ෂ ප්‍රමුඛ පොදුජන පෙරමුණත් අපේ පාක්ෂිකයනුත් සුරකින බව පවසන්න.

මාගේ අවසන් හුස්ම දක්වාම මා විසින් ඔප්පු කොට සහතික කළ ඔබගේ විශ්වාසයත් බලාපොරොත්තුවත් නොබිඳින බවත් පවසන්න.

මා තවමත් ඔබ දන්නා ජොනීම බව පවසන්න.

එය සපථ කිරීම සඳහා ඔබගේ සහාය හැකි ඉහළම අයුරින් ලබාදෙන්න.

එක්ව ජයගමු!
එක්සත් ව නැගිටිමු!
බොරුව යටපත් කර සත්‍ය තහවුරු කරමු!

ජයවේවා!

ජොන්ස්ටන් ප්‍රනාන්දු
මැගසීන් බන්ධනාගාරයේ සිට..

WhatsApp Image 2024 10 28 at 13.03.21 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
18
+1
3
+1
1
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29
Video thumbnail
උතුරේ විවේචනයට ලක්වුණ මහින්දත් පළාත් පාලන ඡන්ද පැවැත්තුවා..ඇයි ජනපතිට බැරි?
05:45
Video thumbnail
ශ්‍රී පාද වන්දනාවේ ගිය පිරිසට අත්වූ ඛේදනීය ඉරණම
00:42
Video thumbnail
පොකුණකට වැ# ජීවිතයෙන් සමුගත් පුතුගේ නිවසට ගිය ඇමතිතුමිය සංවේදි වෙයි
02:27