ජූලි මාසයේ දී විදුලි බිල අඩුකරන්න ඇමති කංචන සහාය ඉල්ලයි

නව විදුලිය ජනන සැලසුමට විපක්ෂය ඇතුළු සියලු දෙනාගේ සහාය ලබා දුනහොත් ලබන ජූලි මාසයේ දී විදුලිය ගාස්තු අඩු කිරීමට හැකිවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

පාර්ලිමේතුවේ දී අද (08) අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් විදුලිය බිල සම්බන්ධයෙන් ස්ථාවර නියෝග යටතේ මතු කළ ප්‍රශ්නයට ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.

“ගාස්තු වැඩි කළේ විදුලි බල මණ්ඩලයේ පාඩු පියවා ගන්න නෙවෙයි. ජනන සැලැස්ම නිවැරදි ආකාරයට ක්‍රියාත්මක කිරීමට, මණ්ඩලයේ දූෂණ වංචා අවම කිරීමට අපි යෝජනා ඉදිරිපත් කරනවා. නමුත් ඒවට විරුද්ධව සමහරු වැඩ කරනවා. සමහර වෘත්තිය සමිති පාලනාධිකාරිය ආණ්ඩුව බිත්තියට හේත්තු කරල වැඩ කරනවා.අපි අද අඛණ්ඩව විදුලිය සපයනවා. විදුලිය කප්පාදුව නැවැත්තුවා. අපේ ජනන සැලසුම වෙනස් වෙන්න ඕන. මේ ගාස්තු අය කිරීම නිසා අඛණ්ඩව විදුලිය දෙන්න පුළුවන් වුණා.මේ ජනන සැලසුම ක්‍රියාත්මක වීමේදී දෙසැම්බර් වෙද්දී විදුලිය බිල අඩු කරන්න පුළුවන් වේවි. ජූලි මාසයේ දී අඩු කරන්න පුළුවන් නම් කරනවා. විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහය කරන සැලසුම මාසයක් ඇතුළත ඉදිරිපත් කරනවා. ඒ සැලසුමට ඔබතුමාලගේ සහාය දෙන්න.එවිට විදුලි බිල ජූලි මාසය වන විට අඩු කරන්න පුළුවන් වෙනවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14