ලංකා ප්රීමියර් ලීග් ක්රිකට් තරගාවලියේ දඹුල්ල අවුරා කණ්ඩායම සහ ජැෆ්නා කින්ස් කණ්ඩායම අතර පැවැති තරගයෙන් ලකුණු 9කින් ජයක් ලැබිමට දඹුල්ල අවුරා කණ්ඩායම අද (07) සමත්විය.
කාසියේ වාසිය දිනාගැනීමට ජැෆ්නා කින්ස් කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු යැවිමට තීරණය කළේය.
ඒ අනුව, පළමුවෙන් පන්දුවට පහරදුන් දඹුල්ල අවුරා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 134ක් රැස් කළේය.
දඹුල්ල අවුරා කණ්ඩායම වෙනුවෙන් නායක කුසල් පෙරේරා ලකුණු 41ක් රැස්කළ අතර සධීර සමරවික්රම ලකුණු 30ක් රැස්කළේය.
ඒ අනුව ලකුණු 135ක ජයග්රාහී ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසි ජැෆ්නා කින්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ රැස්කර ගත හැකි වූයේ ලකුණු 125ක් පමණි.
සොයිබ් මලික් හයේ පහර 6ක් ද හතරේ පහර 5ක් සමගින් ලකුණු 74ක් ලබා ගත්තේ පන්දු 53කින්













