ජැෆ්නා කිංග්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් අද තරග බිමේ

2021 ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වීමට නියමිතයි. 

තරගාවලිය අරඹමින් තරගබිමට පිවිසෙන්නේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමයි. 

කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයින් ඊයේ සිය අවසන් පුහුණු සැසිය සදහා එක්ව සිටියා.

කෙසේවෙතත් දකුණු අප්‍රිකාවේ පැතිරයන නව ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදය හේතුවෙන් ජැෆ්නා කණ්ඩායමට එක්වීමට සිට ෆෆ් ඩුප්ලෙසිස් සහ ගෝල් කණ්ඩායමට එක්වීමට සිටි තබ්රාස් ශම්සි මෙවර LPL තරගාවලියෙන් ඉවත් වී තිබෙනවා. 

මේ අතර කොවිඩ් එන්නත් මාත්‍රාවන් 2කම ලබාගත් ක්‍රීඩාලෝලීන් සදහා මෙවර තරගාවලිය තරග ක්‍රීඩාංගණයේ සිට නැරඹීමේ අවස්ථාව ලබා දෙන්නටත් තරග සංවිධායකයින් විසින් පියවර ගෙන තිබෙනවා. 

ඒ ක්‍රීඩාංගණ ප්‍රේක්ෂක ධාරිතාවයෙන් 50%ක ප්‍රතිශතයකටයි. මේ අතර අදාළ ප්‍රවේශ පත්‍ර කොළඹ ශ්‍රී ලංකා ක්‍රිකට් මුලස්ථානයේ තිබෙන ප්‍රවේශපත් කවුලුවෙන් පෙරවරු 9.00සිට පස්වරු 5.00ක් දක්වා කාළය තුළදී මිලදී ගත හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා. 

අද සිට ඇරඹෙන LPL තරගාවලියේ මූලික වටයේ තරග ලබන 17වැනිදා දක්වා ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ක්‍රියාත්මක වීමට නියමිතයි. 

අනතුරුව අවසන් වටයේ තරග ලබන 20 වැනිදා සිට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. 

LPL අවසන් මහා තරගය ලබන මස 23වැනිදා පැවැත්වෙනු ඇති. 

මෙවර තරගාවලියේ ශූරතාව දිනා ගන්නා කණ්ඩායම ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 2ක් හිමිවන අතර අනුශූරයින් හිමිවන මුදල රුපියල් කෝටියක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෝඨාභය, නාමල්, මෛතිපාල ඇතුළු ප්‍රබලයින් රැසක් GMOA ශත සංවත්සර සැමරුමට එයි
07:09
Video thumbnail
මහින්ද වගේ සිංහයෙක් ආසියාවෙම නෑ..අපේ සිංහයා..මහින්ද මහත්තයට අත තිබ්බොත්.. ආයුද ගන්නවා
01:14
Video thumbnail
පළාත් සභා සාර්ථක System එකක් නෙවෙයි..හිටපු ආණ්ඩුකාරවරියකගෙන් සැර පිළිතුරක්
04:37
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36
Video thumbnail
ගොයම් කන ටොම්පචයන්ට ඡන්දය පාවා දෙන්න එපා - සජිත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම කියයි
07:40
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23