ජැෆ්නා කිංග්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් අද තරග බිමේ

2021 ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වීමට නියමිතයි. 

තරගාවලිය අරඹමින් තරගබිමට පිවිසෙන්නේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමයි. 

කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයින් ඊයේ සිය අවසන් පුහුණු සැසිය සදහා එක්ව සිටියා.

කෙසේවෙතත් දකුණු අප්‍රිකාවේ පැතිරයන නව ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදය හේතුවෙන් ජැෆ්නා කණ්ඩායමට එක්වීමට සිට ෆෆ් ඩුප්ලෙසිස් සහ ගෝල් කණ්ඩායමට එක්වීමට සිටි තබ්රාස් ශම්සි මෙවර LPL තරගාවලියෙන් ඉවත් වී තිබෙනවා. 

මේ අතර කොවිඩ් එන්නත් මාත්‍රාවන් 2කම ලබාගත් ක්‍රීඩාලෝලීන් සදහා මෙවර තරගාවලිය තරග ක්‍රීඩාංගණයේ සිට නැරඹීමේ අවස්ථාව ලබා දෙන්නටත් තරග සංවිධායකයින් විසින් පියවර ගෙන තිබෙනවා. 

ඒ ක්‍රීඩාංගණ ප්‍රේක්ෂක ධාරිතාවයෙන් 50%ක ප්‍රතිශතයකටයි. මේ අතර අදාළ ප්‍රවේශ පත්‍ර කොළඹ ශ්‍රී ලංකා ක්‍රිකට් මුලස්ථානයේ තිබෙන ප්‍රවේශපත් කවුලුවෙන් පෙරවරු 9.00සිට පස්වරු 5.00ක් දක්වා කාළය තුළදී මිලදී ගත හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා. 

අද සිට ඇරඹෙන LPL තරගාවලියේ මූලික වටයේ තරග ලබන 17වැනිදා දක්වා ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ක්‍රියාත්මක වීමට නියමිතයි. 

අනතුරුව අවසන් වටයේ තරග ලබන 20 වැනිදා සිට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. 

LPL අවසන් මහා තරගය ලබන මස 23වැනිදා පැවැත්වෙනු ඇති. 

මෙවර තරගාවලියේ ශූරතාව දිනා ගන්නා කණ්ඩායම ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 2ක් හිමිවන අතර අනුශූරයින් හිමිවන මුදල රුපියල් කෝටියක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ සංදර්ශන නම් තියෙනවා, වැඩ තමයි නැත්තේ
01:33
Video thumbnail
අම්මලා, තාත්තලා තමයි දරුවන්ගේ හිත්වලට වි#ෂ පොවන්නේ
05:28
Video thumbnail
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසා ස්ටාලින්ට රතු කට්ට පනී
14:27
Video thumbnail
කොළඹ 07 නෝනලාට සත්ත්ව කරුණාව මතක් වෙන්නේ දළදා පෙරහැර කාලයට විතරයි
06:05
Video thumbnail
සබදු අපි කදු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම ගගක ගලන|දැවෙන සිතට දම් සිසිලක් සජීවීව🔴
01:33:09
Video thumbnail
අර නිවාස ඇමතිට සෙල්ලම් ගෙයක්වත් හදන්න බෑ
03:26
Video thumbnail
ආණ්ඩුව උදව් කරන්න ගිය අපිට කා#ලකණ්නි කියලා කිව්වා
06:43
Video thumbnail
සජිත්ට බස් මෑන් කියපු එවුන්ට අද වැසිකිළියක්වත් හදාගන්න බෑ
13:11
Video thumbnail
මාලිමාවට ඡන්දේ දුන්නේ බුදු දහම අතුගාලා දාන්න නෙමෙයි
09:12
Video thumbnail
මාලිමාවේ සෙට් එකත් රාජ්‍ය සම්පත් අවභාවිතා කරලා..?
02:49


?