ජාතික සම්පත් ලෙස රාජ්‍ය බැංකු ආරක්ෂා කළ යුතුයි – අගමැති

වෘත්තිය සමිති නියෝජිතයින් සමඟ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුණා.

අරලියගහ මන්දිරයේදී පෙරේදා (16) පැවති මෙම සකච්ඡාවේ දී වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හා ආයතනික ගැටලු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබෙනවා.

ආයතන ප්‍රතිව්‍යුහගතකරණය, විකල්ප යෝජනා, ආයතන සුරැකීම හා පවත්වාගෙන යාම පිළිබඳ කරුණු රැසක් වෘත්තීය සමිති නියෝජිතයින් මෙහිදී ඉදිරිපත් කළ බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා,

“ජාතික සම්පතක් හැටියට මේ රාජ්‍ය බැංකු ආරක්ෂා කරන්න ඕනේ කියන ස්ථාවරයේ අපි ඉන්නවා. ඒ ගැන ගැටළුවක් නැහැ. නමුත් යම් යම් වෙනස්කම් කරන්නේ කොහොමද කියන දේ පිළිබඳව සාකච්ඡා කරන්න වෙනවා. නැත්නම් ඒකපාර්ශවීය තීරණ ගත්තා වෙනවා.දැන් ආර්ථික අර්බුදයෙන් අපි යම්තාක් ගොඩ ඇවිල්ලා තියෙන නිසා කේන්ද්‍රීය බැංකු අපි කොහොමහරි ආරක්ෂා කරගන්න ඕනේ.
ඒක කොහොමද කර ගන්නේ කියලා මීට වඩා පුළුල්ව සාකච්ඡා කළ යුතුයි. මහා පරිමාණ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුට දීල තියෙන ණය තමයි බරපතල තත්ත්වයක් ඇති වෙලා තියෙන්නෙ. දේශපාලනඥයන්ට ණයදීම නිසා මේක බංකොලොත් වෙලා, මේක පුද්ගලික ආයතනයකට විකුණලා දාන එකයි තියෙන්නේ, කියලා හදාගෙන එන්නේ ගොතන කතාවක්. එවැනි කතාවලට නොරැවටී මේ බැංකු තුන පිළිබඳව සුවිශේෂ ආකාරයෙන් මැදිහත්විය යුතුයි.
වතු ගම්මාන ඇති කිරීම පිළිබඳ යම් ගැටලු ඇති වෙලා තියෙනවා. වතුවල ගම්මාන ඇති කිරීම සඳහා නිශ්චිත ප්‍රදේශ හඳුනාගැනීම තවමත් ඉවර වෙලා නැහැ. අඩි 3500කට වඩා උස ප්‍රදේශවල කිසිම විදිහකින් අලුතෙන් ගෙවල් හදන්නේ නැහැ. ඒක ආණ්ඩුවේ තීරණයක්. එම ප්‍රදේශ ක්‍රමයෙන් වන සංරක්ෂණයට මුදා හරිනවා. දැනට අපි එකඟ වී තිබෙන ජාත්‍යන්තර කාලගුණ විපර්යාස එකඟතාවය අනුව අඩි තුන්දහසෙන් උඩ වතු තබාගන්න පුළුවන් වෙන්නේ පදිංචිකරුවන් නොමැතිවයි. එවැනි උස් මට්ටමේ දැනට ඉදිකර තිබෙන නිවාස සම්බන්ධයෙන් මොකක්ද කරන්නේ කියලා මේ දිනවල සාකච්ඡා කරනවා. වතු නිවාස හිමි අය වතුවල ඉන්නේ 143,000යි. අනිත් අය වතුවල පදිංචි නැහැ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාවාරම්කරුවෙක් පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"උදේනිට හයි කෝ⁣ට් එකක් දාලා දෙන්න"
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40