ජාතික රෝහල කොරෝනා රෝගීන්ගෙන් පිරී යයි

කොළඹ ජාතික රෝහලේ කොරෝනා වාට්ටු සියල්ලම රෝගීන්ගෙන් පිරී ගොස් ඇති අතර දැඩි සත්කාර ඒකකවල ධාරිතාවය ද අවසන් වි ඇතැයි වාර්තා වේ.

කොරෝනා ආසාදිතයන් රෝගීන් 250 දෙනකු ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව ද වාර්තා වනවා.

මේවනවිට කොවිඩ් තුන් වන රැල්ල තවදුරටත් වර්ධනය වන තත්වයක් පෙනෙන්නට තිබෙන බව සමස්ත ලංකා හෙද සංගමය සඳහන් කර සිටිනවා.

රට පුරා සිදුකරන PCR පරීක්ෂණ ප්‍රමාණය ඉතා අවම මට්ටමක පැවතීයද ඊට සාපේක්ෂව දෛනිකව හදුනා ගන්නා කොවිඩ් රෝගීන් ප්‍රමාණය සීග්‍රයෙන් වැඩි වෙමින් තිබෙන බවයි එම සංගමය ප්‍රකාශ කළේ.

රෝහල් තුලදී මෙම තත්වය හෙද කාර්ය මණ්ඩලයට ඉතා දැඩිව දැනෙමින් තිබෙන බවත් කොවිඩ් රෝගීන් වැඩිවත්ම කොළඹ ශ්‍රී ලංකා ජාතකි රෝහල ඇතුළු දිවයින පුරා රෝහල් වලට පැමිනෙන විවිධ රෝගීන්ගෙන් කොවිඩ් රෝගීන් වාර්තා වීම අධික වෙමින් තිබෙන බවත් එම සංගමය අවධාරණය කරනවා.

දෛනකි ව ඉතාමත්ම සීමිත ඇන්ටිජන් පරීක්ෂණ ප්‍රමාණයක් රෝහල්වල සිදුකලද ශ‍්‍රී ලංකා ජාතික රෝහල තුල පසුගිය දිනවල සිදුකල ඇන්ටිජන් පරීක්ෂණවලින් වැඩි ප්‍රතිශතයක් කොවිඩ් රෝගීන් බව වාර්තා වී තිබෙනවා.

එම තත්වය තුල පසුගිය 22 වනදා නව කොවිඩ් වාට්ටුවක්ද ආරම්භ කිරීමට රෝහල් පරිපාලනයට සිදුවී තිබෙන බවයි එම සංගමය ප්‍රකාශ කළේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරට විශාලම ජල මූලාශ්‍රය පිටබැද්දරින් මතුවෙයි.."මාර සතුටක් තියෙන්නේ..මෙහෙම දකිද්දි"
04:14
Video thumbnail
පිටබැද්දර පොළොවෙන් මතු වූ මහ ජල කඳ
00:36
Video thumbnail
පලුගස්වැවේ සැප දාපු SPA සෙට් එකට වැඩ වරදියි..වසන්තගෙන් දැඩි ප්‍රකාශයක් l Wasantha Samarasinghe
09:57
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා මාර්ග සංඥා නොතකා ගමන් ගන්නා බස් රථය..ජීවිත ගැන කිසි වගකීමක් නැ
01:07
Video thumbnail
ඉදිරියේදී ඉන්ධන නැතිවීමේ ප්‍රවණතාවක් ?.. QR ක්‍රමවේදය අත්‍යවශ්‍ය වෙනවා
06:23
Video thumbnail
සලේගේ ළඟම හිතවතා මුල ඉදලම සිදුවුණු සියල්ල මාධ්‍යයට හෙළිකරයි..ඇයි සලේ ලංකාවෙන් පිටවෙලා ගියේ ?
43:38
Video thumbnail
වාසනාවකට ජීවිත බේරුණ බිහිසුණු අනතුර..වෑන් රථය කුඩේ කුඩු වෙලා
00:53
Video thumbnail
ලැක්ටෝවත්ත දහන උඳුනේ විනාශ කරන ද්‍රව්‍ය ගැන නි.පොලිස්පති අශෝක හෙළිකරයි
04:48
Video thumbnail
නඩු අවසන් වූ මත්ද්‍රව්‍ය, මත්පෙති දැඩි ආරක්ෂාව මැද රැගෙන ගිය හැටි
02:06
Video thumbnail
මුහුදේ අතරමංව සිටි ඉන්දුනීසියානු ධීවරයෙක් බහු දින යාත්‍රාවකින් මුදා ගත් හැටි
02:03