ජාතික ප්‍රතිපත්ති කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීමට අනුකමිටුවක්

නියාමනයක් සහිතව ජාතිත ප්‍රතිපත්ති නිසියාකාරව ක්‍රියාත්මක කිරීම සදහා ජාතික ප්‍රතිපත්ති කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීමට අවශ්‍ය මූලික ආකෘතියක් සැකසීම සඳහා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ සභාපතීත්වයෙන් අනුකමිටුවක් පත් කිරීමට පසුගියදා (01) පැවති කෙටි, මධ්‍යම හා දිගුකාලීන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටුවේදී තීරණය විය.

එසේම මෙහි අනෙකුත් සාමාජිකයන් ලෙස අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ප්‍රියන්ත මායදුන්න යන මහත්වරුන් මෙන්ම මුදල් අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, නීතිපති දෙපාර්තමේන්තුව, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව ඇතුළු අනෙකුත් අදාළ ආයතනවල නියෝජිතයන් පත් කිරීමට මෙහිදී කටයුතු කෙරිණි. .

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (01) රැස්වූ මෙම කාරක සභාවට ජනාධිපති ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක සහ රාජ්‍ය පරිපාලන ලේකම් ප්‍රියන්ත මායාදුන්න යන මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

ප්‍රතිපත්ති ගොඩනැගීම, ක්‍රියාත්මක කිරීම මෙන්ම අධීක්ෂණය සදහා ස්වාධීන වූ ආයතනයක් ලෙස පනතක් මගින් මෙම කොමිෂන් සභාව පිහිටුවීමට අපේක්ෂා කරන බවත් එහි මූලික සැලසුම් ජනවාරි මස මැද භාගය වන විට අවසන් කිරීමට අපේක්ෂා කරන බවත් අනුකමිටු සභාපති ගරු නාමල් රාජපක්ෂ මහතා මෙහිදී පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
IMF නියෝජිත පිරිසක් ජනාධිපතිව හමුවෙයි
01:35
Video thumbnail
වාහන නවත්තලා දඩ කොළ දෙනවා වෙනුවට දුන්න සව් දන්සැල
01:21
Video thumbnail
Mr. කොත්තු හිමිකරු වෙනුවෙන් පෙරට ආ සේවකයෝ
01:32
Video thumbnail
ගාල්ලේ ඉදලා ඇවිත් අනුරාධපුරේ ආච්චි කෙනෙක්ට සත්තම දැම්ම සෙට් එක
01:22
Video thumbnail
නිවසක තිබියදී අධි බලැති යතුරුපැදි පහක් කොටුවෙයි
00:59
Video thumbnail
රජයේ සේවකයන්ට හාල් ණයට දෙනවා - ආණ්ඩුව මෙච්චර වැටිලද ?දැනෙන ප්‍රමාණයට තෙල් මිල අඩු කරන්න
01:49
Video thumbnail
Praharaya| ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි සහභාගිවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
ශ්‍රී ලංකාවේ ඔරොත්තු දීමේ හැකියාව IMF එක අගයයි - IMF නියෝජිත පිරිසක් ජනාධිපතිව හමුවෙයි
05:00
Video thumbnail
තෙල් මිල අඩු කිරීම ගැන අපි සතුටු වෙනවා - සියලුම දේශීය නිෂ්පාදනවල මිල අද මධ්‍යම රාත්‍රියේ සිට පහළට
07:27
Video thumbnail
ගම්පොල නගරයේ ගැබිණි මව්වරුන් වෙනුවෙන් විශේෂ දන්සලක්
01:51