ජාතික ජන බලවේගයේ විරෝධතාවයට ගැසූ කඳුළු ගෑස්‌ කල් ඉකුත් වී නැහැ – පොලිස් මහජන ආරක්ෂක කොට්ඨාශයේ අධ්‍යක්‍ෂ

ජාතික ජන බලවේගයේ විරෝධතාවයට පසුගිය මස 26 වැනිදා එල්ලවූ කඳුළු ගෑස්‌, කල් ඉකුත් වී නොමැති බව පොලිස් මහජන ආරක්ෂක කොට්ඨාශයේ අධ්‍යක්‍ෂවරයා අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය දැනුම් දුන්නා.

එම විරෝධතාවයට එක්වූ නිවිතිගල ප්‍රාදේශීය සභාවේ, ජාතික ජන බලවේගයේ අපේක්ෂක, නිමල් අමරසිරි මහතා කඳුළු ගෑස්‌ ප්‍රහාරයෙන් පසුව අසාධ්‍ය වී ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගියා.

ඔහුගේ මියයෑමත් සමග කඳුළු ගෑස්‌ කල් ඉකුත් වී ඇති බවට අධිකරණය හමුවේ ඉදිරිපත්වූ කරුණු සැලකිල්ලට ගෙනයි මහේස්ත්‍රාත්වරයා ඒ පිළිබදව අධිකරණයට වාර්තාවක් කැඳවනු ලැබුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?