ජාත්‍යන්තර පාසලක සිසුවෙක් හදිසියේ මියයයි

පානදුර පිංවත්ත ජාත්‍යන්තර පාසලක සිසුවෙක් හදිසියේ මියගොස් ඇති බව පින්වත්ත පොලිසිය පැවසුවා.

16 හැවිරිදි මෙම සිසුවා තවත් සිසුන් කිහිපදෙනෙකු සමග ක්‍රීඩා ක්‍රීඩාකරමින් සිටියදී විද්‍යාල භූමියේ ඇද වැටී ඇති බවයි පැවසෙන්නේ.

අනතුරුව එම සිසුවා රෝහල් ගතකර ඇති අතර රෝහලේදී ඔහු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගියේ කළුතර උතුර ආබෲ පාර පදිංචිව සිටි මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුවෙක්.

එම සිසුවා රෝගී තත්ත්වයකින් පෙලෙමින් සිටි අයෙක් බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වූ බව පිංවත්ත පොලිසිය පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?