ජාත්‍යන්තර පාසලක ගසක් කඩා වැටී දරුවෙක් ජීවිතක්ෂයට

ගම්පොළ, ඇත්ගාල පොලිස් වසමේ පිහිටි ජාත්‍යන්තර පාසලක ගසක් කඩා වැටීමෙන් දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද (05) පෙරවරු 10.30ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි ඇත්ගාල පොලිසිය සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ එම පාසලේ ඉගෙනුම ලැබූ 05 හැවිරිදි සිසුවෙක්.

මෙම අනතුරෙන් තුවාල ලැබූ තවත් දරුවන් දෙදෙනෙක් රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ.