ජවිපෙ සැප වාහන කතාව පට්ටපල් බොරු – ඇමති නිමල්

සුපිරි වාහන 239ක් රාජ්‍ය ඇමැතිවරුන්ගේ පාවිච්චිය වෙනුවෙන් ගෙන්වා ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ කළ ප්‍රකාශය බොරුවක් බව තමා වගකීමෙන් ප්‍රකාශකරන බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සඳහන් කළා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (23) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින්.

මේ සිද්ධිය සම්බන්ධයෙන් වරාය අධිකාරියට අනුබද්ධිත ආයතනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ද කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙම අසත්‍ය ප්‍රකාශය කළ සියලු පුද්ගලයන් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව හමුවට කැඳවන ලෙසට ද නිමල් සිරිපාල ද සිල්වා ඉල්ලීමක් ද කරනු ලැබුවා.

ඔහු මෙසේ පැවසුවේ රාජ්‍ය අමාත්‍යවරුන්ට සැප වාහන 239ක් ගෙනැවිත් ඇති බවට

ජනතා විමුක්ති පෙරමුණේ සමන්ත විද්‍යාරත්න සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මීගමුවේ බෝට්ටු අනතුරේ නවතම තත්ත්වය මෙන්න - ධීවර අධ්‍යක්ෂකගෙන් හෙළිදරව්වක්
04:50
Video thumbnail
ශානි හා රවී ඒකාලයේ තමන්ට ලැබුණු උපදෙස් අනුව කටයුතු කළා - ප්‍රශ්නයක් තියෙනවනම් අධිකරණයට යන්න
02:21
Video thumbnail
කටාන ප්‍රදේශයේ මහ රෑ රේස් පදින කොල්ලෝ - මෙන්න වීඩියෝවක් එළියට එයි
01:44
Video thumbnail
රවී, ශානි දෙන්නාට හේමසිරි, පූජිත්ට වඩා ම#ණ දඬුවම දෙන්න පුළුවන් වරදක් කරලා ?
03:03
Video thumbnail
හේමසිරි, පූජිත ප්‍රහාරකයා ගැන අවබෝධයක් තිබුණේ නෑ? ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
03:29
Video thumbnail
ජනපති ගිහින් අත්සන් කළ කුකුල් කකුල් ගිවිසුම ගැන නාමල් කියපු දේ - චීනයේ කුකුල් කකුල් දෙකක් ඩොලර් 7ක්
03:26
Video thumbnail
දැඩි වර්ෂාපතනය නිසා කැළණි ගගේ ජල මට්ටම වැඩි වන අයුරු මෙන්න
01:26
Video thumbnail
ශානි - රවී මාලිමාවේ වේදිකාවට ගොඩවුණු නිසා නිර්දෝෂීන් වෙයිද ?මාලිමාවට ප්‍රබල චෝදනා
07:34
Video thumbnail
බයික් රේස් පදින්න කොල්ලෝ ඔට්ටු අල්ලන හැටි මෙන්න - උඹලා නිසා දෙමව්පියෝ ගෙදර දුක් විදින්නේ ?
01:29
Video thumbnail
හේමසිරි, පූජිත්ට ලැබුණු දඬුවම ගැන මාලිමා ප්‍රබලයෙක්ගෙන් සැර කතාවක් - තව තව ඉස්සරහට වෙනවා
03:30