පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදීමට සූදානම්වන රුපියල් ලක්ෂ දෙකක ඉන්ධන දීමනාව ලබා නොගැනීමට ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් තීරණය කර ඇති බව වාර්තා වනවා.
ඒ, අනුව එම පක්ෂය නියෝජනය කරන අනුර කුමාර දිසානායක, විජිත හේරත් සහ හරිනි අමරසූරිය යන පර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනා එම දීමනාව ලබා නොගන්නා බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.
මන්ත්‍රීවරුන් තිදෙනාම මෙම ඉන්ධන දීමනාව ලබා නොගන්නා බවට එම පක්ෂයේ මන්ත්‍රී විජිත හේරත් විසින් පාර්ලිමේන්තු මහ මහලේකම්වරයා වෙත ලිඛිතව දන්වා ඇත බව ද තොරතුරු වාර්තා වනවා.
රටේ ජනතාව ඉන්ධන නොමැතිව පීඩාවට පත්වී සිටින අවස්ථාවක මන්ත්‍රීවරුන්ට විශේෂ සහනයක් අවශ්‍ය නොවන බවයි එම පක්ෂයේ නායක අරුණ කුමාර දිසානායක සඳහන් කරන්නේ.














අතිවිශිස්ඨයි
jVP thun denage pinthure madin inne pirimiyekda gahaniyekda?
thopita ithin kohomath siyalu pahasukam labenawaane jaathyantharen – million gananin banku walata, Chung nonagen saha Ireland thrasthayangen