සැප්තැම්බර් මස (03) වනදා පෙරවරු 8 සිට සැප්තැම්බර් (04) දක්වා පැය 18 ක ජල කප්පාදුවක් සිදු කෙරේ.අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල සහ මහරගම නගර සභා බල ප්‍රදේශවලට මෙලෙස ජල කප්පාදුවක් සිදු කරනු ලැබේ.
බොරලැස්ගමුව, කොළොන්නාව සහ කොටිකාවත්ත, මුල්ලේරියාව, රත්මලාන සහ කටුබැද්ද යන ප්‍රාදේශීය සභා ප්‍රදේශ සඳහා ද මෙම ජල කප්පාදුව සිදු කෙරේ.













