spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජල බිල්පත විද්‍යුත් ලිපිනයට ගෙන්න ගන්න අදම ලියාපදිංචි වෙන්න

ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සිය ජල පාරිභෝගිකයින් වෙත විශේෂ දැනුම් දීමක් කරනවා.

එම මණ්ඩලය දැනුම් දෙන්නේ සිය බිල්පත විද්‍යුත් ලිපිනයට (ඊමේල් හරහා) ලබාගැනීමට ලියාපදිංචි වන ලෙසයි.

මෙම ලියාපදිංචිවීම සඳහා ජල ගිණුම් අංකය සහ ඊමේල් ලිපිනය 071 93 99 999 අංකයට යොමුකරන ලෙසයි සියලු ජල පාරිභෝගිකයින්ට දැනුම් දෙන්නේ.

මේ වනවිට රට තුළ පවතින කඩදාසි හිඟය හේතුවෙන් බිල්පත් නිකුත් කිරීමේ ගැටළුවක් මතුව තිබීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි ජලසම්පාදන මණ්ඩලය සඳහන් කළේ.

එම මණ්ඩලය වැඩි දුරටත් සඳහන්කර සිටියේ ජල බිල්පත් මුද්‍රණය කිරීමට අවශ්‍ය කරන කඩදාසි මණ්ඩලය සතුව ඇත්තේ ඉදිරි මාස 03ක කාලය සඳහා පමණක් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?