ජල ගාස්තු ඉහළ දමන්න අවසර පතයි

ජල ගාස්තු ඉහළ නැංවීමට ජල සම්පාදන හා ජල පවහන මණ්ඩලය රජයෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වනවා. ජල ගාස්තු වසර 10 කින් ඉහළ නංවා නැතැයි එම මණ්ඩලය පවසන්නේ.

මේ අතර මාස හයක් සහ අවුරුද්දක කාලයක් අඛණ්ඩව ජල බිල්පත් නොගෙවූ පුද්ගලයන්ගේ සබඳතා විසන්ධි කිරීමට ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය තීරණය කර ඇත.

කොවිඩ් ව්‍යාප්ති ආරම්භවීමත් සමඟ ජල සබඳතා විසන්ධි කිරීම තාවකාලිකව අත්හිටුවනු ලැබුවා.හිඟ ජල බිල්පත්වල වටිනාකම රුපියල් කෝටි 700 ඉක්මවා ඇතැයි ජල සම්පත් මණ්ඩලයේ උසස් නිලධාරියෙකු සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?