ජල ගාස්තුවත් වැඩිවෙයි ද ?

විදුලි බිල් ගාස්තු ඉහළ දැමීම හේතුවෙන් ජල ගාස්තුද ඉහළ දැමිය යුතු බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ.

නිසි අධ්‍යයනයකින් අනතුරුව ජල ගාස්තු ඉහළ දැමීම පිළිබඳව අවසන් තීරණයක් ගැනීමටයි ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සූදානම් වන්නේ.

ජලාශවල සිට පාරිභෝගිකයා දක්වා පානීය ජලය බෙදා හැරීමේදී වැයවන සමස්ත මුදලෙන් සියයට 35ක්ම වැය වන්නේ භාවිත කෙරෙන විදුලිය සඳහා බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පෙන්වා දෙන්නේ.

පසුගිය වසරේ සැප්තැම්බර් පළමුවනදා සිටද පාරිභෝගික කාණ්ඩ 12 ක් යටතේ ජල ගාස්තු ඉහළ දැමුණා.

ඒ අනුව ජල ඒකකයක් සඳහා පරිහරණ ගාස්තුව මෙන්ම ජල බිල්පත් සඳහා මාසික සේවා ගාස්තුවද ඉහළ දැමුන ද එම මුදල ප්‍රමාණවත් නොවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මීට පෙර පැවසුවේ.

එවන් පසුබිමක් තුළ විදුලි බිල ගාස්තු ඉහළ දැමීමද සැලකිල්ලට ගනිමින් ජල ගාස්තු ඉහළ දැමිය යුතු බව එම මණ්ඩලයේ අදහස වී තිබෙනවා.

මේ අතර විදුලි ගාස්තු සියයට 66කින් ඉහළ දැමීමට එරෙහිව බොහෝ ක්ෂේත්‍රවලට අයත් පිරිස් ආණ්ඩුවට එල්ල කළේ දැඩි විරෝධයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14