AFC Banner
Empty Ad
Empty Ad

ජලය පිරුණු කාණුවක ගිලී දරුවෙකු මරුට

බටපොල, මහගංගොඩ ප්‍රදේශයේ දරුවෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 05 හැවිරිදි වියෙහි පසුවන මහගංගොඩ, අළුත්වල ප්‍රදේශයේ පදිංචි දරුවෙක්.

මියගිය දරුවාගේ පියා වෙළෙඳසැලක් පවත්වාගෙන යන අතර, දරුවා එම වෙළෙඳසැලේ සිට තනිවම නිවසට ගොස් තිබෙනවා.

දරුවා නැවත නොපැමිණීම නිසා පියා විසින් සොයාබැලීමේ දී නිවස පිටුපස වගාබිමක් සඳහා සකස් කරන ලද ජලය පිරී ඇති කාණුවක දරුවා දියේ ගිලී සිටිය දී ගොඩට ගෙන ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

කෙසේවෙතත් දරුවා හැකි ඉක්මනින් ආරච්චිකන්ද රෝහලට ඇතුළත් කළ ද ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?