ජලනි ප්‍රේමදාසට ‘ශ්‍රී සුගත ශාසන ප්‍රසාදිනී’ ගෞරව නාමය (ඡායාරූප)

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස ගෞරව නාමයකින් පිදුම් ලබා තිබෙනවා.

මෙරට සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ඇය සිදු කළ මෙහෙවර අගයමින් ත්‍රෛනිකායික මහාසංඝරත්නය විසිනුයි අද ජලනි ප්‍රේමදාස වෙත ‘ශ්‍රී සුගත ශාසන ප්‍රසාදිනී’ ගෞරව නාමය පිරිනමා ඇත්තේ.

ඊට අදාළ උත්සවය අද පැවැත්වුණේ දියතලාව කහගොල්ල ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ දී යි.

සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සහ උන්නතිය උදෙසා සිදුකරනු ලබන උදාරතර මෙහෙවර ඇගයීමට ලක් කරමින් ‘ශ්‍රී සුගත සාසන ප්‍රසාදිනී’ සම්මානය ඇයට මෙලෙස ප්‍රදානය කෙරුණා.

මෙම අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායකවරයා කියාසිටියේ හෘද සාක්ෂියට එකඟව, ප්‍රායෝගිකවම ශ්‍රී සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීම වෙනුවෙන් කැපවන බෞද්ධයින් ඉලක්ක කර ඔවුන්ගේ සාමාජයීය සහ ශාසනික මෙහෙවර අඩපණ කිරීමට කිසියම් කුමන්ත්‍රණයක් සිදු වෙමින් පවතින බවයි.

බෞද්ධ විරෝධී බලවේග හිස ඔසවන විට ඒවා සමනය කිරීමට නොහැකිනම්, එය බරපතළ ඛේදවාචකයක් බව ද ඔහු මෙහිදී සඳහන් කළා.

බුදු දහම සුරක්ෂිත කිරීමට කැපවීම සියලු දෙනාගේ වගකීමක් බව ද විපක්ෂ නායකවරයා අවධාරණය කර තිබෙනවා.

පවුල් දේශපාලනයට තමන් විරුද්ධ වුව ද ඔවුන්ට සමාජ සේවය කිරීමේ අයිතියට බාධා කිරීමට තමන් කිසිවිටකත් සූදානම් නැති බව ඔහු ප්‍රකාශ කළා.

ජේ.ආර්. ජයවර්ධන මහතාගේ සමයේ ක්‍රියාත්මක වූ සේවා වනිතා ඒකකයෙන් සිදුකළ සාමාජීය මෙහෙවර පිළිබඳවද ත් පැවසූ විපක්ෂ නායකවරයා මෙහිදී සිහිපත් කළා.

දේශපාලනඥයන්ගේ බිරින්දෑවරු එම වැඩසටහන හරහා සමාජ සේවාවන් රැසක් ඉටු කළ බවත්, ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ බිරිඳ පවා එම වැඩසටහනේ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළ බවත් පෙන්වා දුන්නා.

සාමාජීය සහ ශාසනික සේවාවන් සිදු කිරීම යනු මැතිවරණයට ඉදිරිපත් වීම හෝ මන්ත්‍රී ධුර ලබාගැනීම හෝ නොවන බව පැවසූ විපක්ෂ නායකවරයා, ඔවුන්ට එවන් සේවාවන් කිරීමට ඇති අයිතියට බාධා කළ නොහැකි බවයි අවධාරණය කළේ.

ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් ජලනි ප්‍රේමදාස මහත්මිය වෙත “ශ්‍රී සුගත ශාසන ප්‍රසාදනී” ගෞරව නාමය පිරිනැමීම සහ නයන වාසල තිලක මහතාට දියතලාව කහගොල්ල ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරස්ථානයේ බස්නායක නිලමේ තනතුර පිරිනැමීම ද මෙහිදී සිදු කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14