ජයසිරිමහ බෝ සමිඳු වඳින්නට උඩමළුවට යන්න ස්ත්‍රීන්ට අකැපද .. ?

“වඩම්මගෙන ආවෙත් කාන්තාවක් නම් ඇයි දැන් අපිට
උඩමලුවට යන්න තහනම් හාමුදුරුවනේ” ඔය ප්‍රශ්නේ
නිතර අපෙන් අහන සුලභ එකක්.

මීට සුලු මොහොතකට කලිනුත් ඔය ප්‍රශ්නෙම අහල එවල තිබුණ නිසා හැමෝටම දැනගන්න මෙහෙම පොදු පිළිතුරක් දෙන්න හිතුව.

පළමුවෙන්ම කියන්න ඕන කාන්තාවන්ට කියල විශේෂයෙන් උඩමළුවට හෝ දළදා මැදුරෙ වැඩසිටින මාලිගයට යාම තහනම් කියල කිසිම නීතියක් සම්මත වෙලා නෑ මම දැනුවත්ව. මම ඒ ගැන හොයල බැලුව.

ඊලගට කියන්න ඕන මම පැවිද්දෙක් වෙලාවත් තව මේ වෙනකන් උඩමලුවට වත් වැඩසිටින මාලිගාවටවත් ගොඩ වෙලා නෑ. මට එහෙම විශේෂ වරප්‍රසාද පාවිච්චි කරල ඒ තැනට ගොඩ වෙලා
වඳින්න තරම් මගෙ බුදුහාමුදුරුවො දුර නෑ. බුදුහාමුදරුවන්ට වැඩ ඉන්න හදවත බුදු කුටියක් කරගත්තට පස්සෙ උඩ නැග නැග වදින්න මට හිතෙන්නෙම නෑ.

ඊලග කාරනාව තමයි ජයසිරිමහ බෝ හාමුදුරුවො කියන්නෙ ලෝක උරුමයක්. වසර දෙදහස් තුන්සිය ගනනක ලිඛිත ඉතිහාසයක් තියෙන ලෝකයේ පැරණිතම වෘක්ෂය. ඉන්දියාවෙ බුද්ධගයාවෙ මවු බෝධිමණ්ඩලය විනාශ උනාට පස්සෙ මේ උඩමළුවෙ වැඩ ඉන්න ජයසිරිමහ බෝ හාමුදුරුවො තමයි ගෞතම බුදුරජාණන් වහන්සේගෙ බුද්ධත්වයේ සංකේතය.

ඉතින් එච්චර වටිනාකමක් තියෙන එච්චර මහලු ශාකයක් ලඟට මිනිස්සු දාස් ගනන් යන්න දුන්නොත් බෝධියෙ පැවැත්මට ඒක ලොකු තර්ජනයක් නේද. අපේ පයට පෑගිලා යන එක දිලීරයක් ඇති බොධියට හානියක් වෙන්න. ඒ නිසයි එක එක පැණි එහෙමත් බෝධියට ලං කරන්න නොදුන්නෙ. ඒවට තරහ නොගෙන අපි උදව් කරන්න ඕන නේද ජයසිරිමහ බෝ හාමුදුරුවො තවත් චිරාත් කාලයක් රැකගන්න.

මේකත් කියන්නම ඕන. මහ බෝධිය ලඟ තියෙන යකඩ තහඩු වහලෙන් පිටවෙන ගින්දර වගේ රස්නය ඔය කොයි එකටත් වඩා බෝධින් වහන්සේට තර්ජනයක් කියල මට හිතෙනව. ඒක ගැනත් වගකිවයුත්තෝ බැලුවොත් හොඳයි.

ඒ නිසා විශෙෂයෙන් ගැහැනුන්ට හෝ පිරිමින්ට අතගාල වදින්න ඉඹින්න උඩමලුවටවත් දළදා හාමුදුරුවො වැඩ ඉන්න ඇතුල් මාලිගාවට වත් යන්න දෙන්න ඕන නෑ කියල මම පෞද්ගලිකව හිතව. ඒකට විශේෂයෙන් පුහුණුව ලත් වත් පිලිවෙත් කරන කාර්‍යමණ්ඩලය පමණක් ලඟට ගියාම ඇති නේ.

දැන් තමයි වැදගත්ම කතාව කියන්න තියෙන්නෙ.
නීතියක් කෙසේවෙතත් අපේ රටේ කාන්තාවන් අතර තිබුණ, මෙහෙම සම්ප්‍රදායක්.

ඒ තමයි, ලෝකයේ තත්වය කොහොමද කියල මම දන්නෙ නෑ අපේ රටේනම් දළදා වහන්සේට සහ ජයසිරිමහ බෝ හාමුදුරුවන්ට සැලකුවෙ ජීවමාන බුදුරජාණන් වහන්සේට විදිහටමයි.

ඉතින් ජීවමාන බුදුහිමියන් වැඩසිටින තැනක කාන්තාවක් යයිද බුදුරජාණන් වහන්සේව අල්ලල වඳින්න. නෑ නේද. ටිකක් දුරින් ඉඳල නේද වඳින්නෙ.
බුදුරජාණන් වහන්සේට නෙවෙයි ගමේ පන්සලේ පොඩි හාමුදුරුවන්ට වැන්දත් කකුල් අල්ලල වදින්න යන්න එපා. ඒ ස්පර්ශයත් භික්ෂුවකට ඇවතක්. උන්වහන්සේලාට විනය රැකගන්න උදව් කරන්න.

දැන්නම් මම දැකල තියෙනව සමහර තැන්වල උපාසක අම්මල පොඩි හාමුදුරුවන්ව වටකරගෙන ඔලුවත් අතගානව. දරු සෙනෙහස වෙන්න ඇති. ඒ උනාට ඕන නෑ නේද. අතීතයෙ රැක්ක අපේ ඒ සම්ප්‍රදායන්ට අපි ගරු කරමු නේද.

ඒ හැර කාට හරි ඕනම නම් ලඟට ගිහින් වඳින්න ඒක බෝ සමිඳුට හානියක් නොවෙන්න වැන්දට වරදක් නෑ. අදටත් ඕන තරම් එහෙම වඳිනව. හැබැයි ඉතින් ඒක වෙන්න ඕන සීමාවක් ඇතුලෙ. දැන් ඔය මම පලකරල තියෙන පින්තූරෙ තියෙන්නෙත් පින්වන්ත අම්ම කෙනෙක් ජයසිරිමහ බෝ සමිඳු වඳිනව තමයි.

එහෙම නැතුව කාන්තාවක් උන නිසාම බෝධිය වදින්නෙ දෙන්නෙ නෑ වගේ පටු අදහසක් ඇති කරගන්න එපා. ආයෙත් කියන්නෙ මම පිරිමෙයෙක් වෙලත් පැවිද්දෙක් වෙලත් මම වත් උඩමළුවට ගොඩ වෙලා නෑ. මට එහෙම අවස්තාවක් ලැබුණත් මම බෝ සමිදුගෙ වයස ගැන හිතල බෝධියෙ ආරක්ෂාව පතා නොයා ඉන්නව.

බුදුදහම කාන්තාදවන් ඉතා උසස් කොට සැලකූ ඉගැන්වීමක්. ඒ ගැන දර්මය කියවා ඇති අය දන්නවනෙ. ඒක අදටත් එහෙමමයි. අපේ පන්සල් වලත් දායක සභාවෙ මුල් තැන ඉන්නෙ ලොකු උපාසක අම්මල. කොටින්ම දායක සභාවෙ ලේකම් තැනත් කාන්තාවක්. බුද්ධපූජාව හැදෙන්නෙ පුජාවෙන්නෙත් විහාරගෙයි වත පිලිවෙත කරන්නෙත් ඒ අම්මල. සිල් ඇත්තන්ගෙනුත් බහුතරය කාන්තාවො. අනික මම අත්දැකීමෙන් දන්නව දර්මය පිලිපදින පිරිස අතරත් අති බහුතරය කාන්තාවො. තව මොනවද ඉතින් ඕන.

“පටාචාර හෙලුවැල්ලෙන් බුදු හාමුදුරුවො ලඟට දුවගෙන එනකොට කවුරුත් නැවැත්තුවෙ නැත්නම් ඇයි අපිට ඩෙනිමක් ඇදන් උඩමලුවට යන්න බැරි..?” වගේ ප්‍රශ්න ආයෙ අහන්න එපා.

හැම සම්ප්‍රදායක්ම කඩන එක නෙවේ රෙඩිකල් කියන්නෙ. සමහර සම්ප්‍රදායන් කඩන්න ඕන නෑ. ඒව තිබුණාවෙ. හානියක් නැත්නම් ඒවට ගරු කරන්න. අතාර්ථික හානිදයක සම්ප්‍රදායන් වලට ගහන්න. ඒව කඩන්න. ඒත් රකින්න ඕන ඒව රකින්න.

එහෙනම් හොදට මතක තියාගන්න අපි කවුරුත් පේලි හැදිල උඩමලුවට නොයන්නෙ අපි කිලිටි හින්ද නෙවේ. පවු කාර හින්දත් නෙවේ. බෝ සමිදු වයස හින්ද. අපි හින්ද දීලීරයක් බැක්ටීරියාවක් හරි ගිහින් ලෙඩ වෙයි කියල හිතල. දැන් හරිනේ.

බුදු දහම කියන්නෙ ඔය බෝධිවත් චෛත්‍යවත් ධාතු කරඬුවත් නෙවේ. ඒවා අපේ සම්පත්. අපි ඒව රකින්න ඕන. හැබැයි ඊට වඩා නිධානයක් අපි ලඟ තියෙනව. ඒ තමයි ධර්මය.
ධර්මය තුල ජීවිත් වෙන්න. එවිට බුදුරජාණන් වහන්සේ ඔබේ හදකුටියට වඩිනවා ඇති.

පූජ්‍ය හෙණ්ඩුවාවේ ධම්මදීප ස්වාමීන්වහන්සේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට රු.54000ක් ගෙවීම කිසිසේත් සාධාරණ නෑ - මට මිනිස්සු ග#යි අවුලක් නෑ
07:09
Video thumbnail
රවී - චතුරංග CoPF එකේ ගැටෙයි ? මෙහෙම රටක් ගෙනියන්න බෑනේ - බංකොළොත් වුණේ බදු එකතු කරපු නැති හින්දා
22:50
Video thumbnail
පාඩු ලබන සහ අනවශ්‍ය රජයේ ආයතන වසා දැමීම ගැන හර්ෂ කට අරියි - අනවශ්‍ය ආයතන අයින් කරලා දාන්න
09:00
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත්
00:45
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි හැටි
00:59
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ දෙහිවල සැලෝන් එකක් වටලයි
01:23
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත් - කොහොමද ගැම්මට පොටෝ ගහන හැටි
01:08
Video thumbnail
මෙයාලගේ ගජ මිතුරෝ රජයට බදු ගෙවලා නෑ - ජන අරගල ව්‍යාපාරය මහ පාරට බැහැලා දෙවනත් කරයි
07:20
Video thumbnail
බැකෝ සමන්ගේ මව එළොව යැවූ වෙ#ල්ල - වෙ#ක්කරුවන් පැමිණි හැටි - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
01:22
Video thumbnail
ජනපති හමුවූ නීතිඥයින්ට අපිලගේ සාදු දෙසයි - ජනපතිගේ ගැටේට නීතිඥ සංගමය අහුවුණා
04:00